Chitika Smowtion 468x60


Friday, May 4, 2012

එජාපයෙන් ආණ්ඩුවට එක් වූ අය මැයි දිනය කර ඇරලා


එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට එක් වී ඇමතිකම් හා වෙනත් වරප්‍රසාද සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබාගත් බොහෝ දෙනෙකු මෙවර සන්ධාන මැයි රැලියට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දී නැතැයි එම පක්ෂයේ මූලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, ජී.එල්.පීරිස්, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි අමාත්‍යවරුන් පවා මැයි දින පෙළ පාලියට සෙනඟ ගෙන ඒමට එතරම් උනන්දුවක් දක්වා නොමැත. එහෙත් ජනමාධ්‍ය වැඩබලන ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පමණක් මාතර සිට සැලකියුතු පිරිසක් මැයි පෙළපාලියට සහභාගි කරවා තිබේ.
මැයි දින වැඩසටහන මෙහෙයවන ඩලස් අලප්පෙරුම අමාත්‍යවරයා, මැයි දින වැඩසටහන්වලට අදාළ පසු විපරම් කටයුතු ශ්‍රීලනිප මූලස්ථානයේ පාලක ලේකම් ආරියරත්න මහතා ඇතුළු පිරිසකට පවරා තිබූ අතර ඔවුන් විසින් 03වනදා ඇමතිවරයා වෙත ලබාදුන් වාර්තාවේ ඒ බව සඳහන් වේ.
එම පසුබිම විපරම් වාර්තාවට අනුව මෙවර මැයි දිනයට වැඩිම සෙනඟක් සහභාගිකරවා ඇත්තේ මේවනවිට ආන්දෝලනයට ලක්ව සිටින ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාය. අනතුරුව පිළිවෙළින් අනුර ප්‍රියදර්ශන යාපා, පවිත්‍රා වන්නිආරච්චි, ජෝන් සෙනවිරත්න යන අමාත්‍යවරුන් වැඩිම සෙනඟක් මැයි පෙළපාලියට සහභාගි කරවා තිබේ.
සාපේක්ෂ වශයෙන් සහභාගීත්වය දුර්වලම දිස්ත්‍රික්කය ලෙස හඳුනා ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ගම්පහ දිස්ත්‍රික්කයයි. කොළඹට අමතරව ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයම මෙවර සන්ධාන මැයි රැලියට සුපුරුදු පරිදි ජන සහභාගීත්වයක් බලාපොරොත්තු වුවද එය ඉටු වී නොමැත.
මෙවර මැතිඇමතිවරු ජනාධිපතිවරයාගේ කටඅවුට් ප්‍රදර්ශනය කිරීමට වඩා තම තමන්ගේ ප්‍රතිරූප ඉස්මතුවන ආකාරයෙන් තම පෙළපාලි සංවිධානය කර තිබීම පසුවිපරම් නිලධාරින්ගෙන් නිරීක්ෂණයට ලක් වී තිබේ. ඒ පිළිබඳව පාක්ශිකයින් කිහිපදෙනෙකුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔවුන් බොහෝ දෙනෙකු පවසා ඇත්තේ තමන් මෙම පෙළපාලියට සහභාගි වූයේ තමන්ගේ ඇමතිකම රැකගැනීමට බවයි. එම කාරණාව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා වෙත බාරදී ඇති වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends