1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම්, ජනමාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම ප්‍රවීන යුධපුවත් විශ්ලේෂකයෙකු සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු විය. 1982 ගාන්ධියන් ව්‍යාපාරයෙන් තම දේශපාලන දිවිය ආරම්භකල සිවරාම් ප්ලොට්, ඩීපීඑල්එෆ් වැනි දේශපාලන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය. ජනමාධ්‍යවෙිදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්රධානධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්රවෘත්ති මාධ්‍යන් හි දේශපාලන සහ යුධපුවත් විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකාරී විය.
ආරක්ෂක අංශවලට හෝ බලධාරීන්ට මෙතෙක් විසඳාගැනීමට නොහැකි වූ ගැටලුවද එය යි. එපමණක්ද නොව මේවන විට විසදීමට ගන්නා සුලු උත්සහයන්වල පවා දක්නට ඇත්තේ ද අන්ත දුගීභාවයකි. එබැවින් තවමත් නොවිසිදී ඇති ගැටලුව ද එයයි. එයින් මතුවන තවත් කරුණක් ඇත. අධිආරක්ෂිත කලාපයක මෙවන් දෙයක් සිදුවීමවත්, විසදාගැනීමට බලධාරීන්ට නොහැකි වූයේ ඇයි ද යන ගැටලුවයි? ‘සීනි හොරෙන් කෑ අයම, සීනි හොරෙන් කෑ අය සෙවීමට යාමේදී ‘සීනි හොරා‘ කිසිම දිනක හමුනොවනු ඇත‘ යන කියමන මෙහිදී ලියුම්කරැට මතක් වේ.
මෙම තත්ත්වය සිවරාම්ට මෙන්ම, ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයේ ඝාතනය කළ, අතුරැදහන්කල මෙන්ම පහරදීම් සිදුකල මාධ්‍යෙව්දීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලට ද එකසේ අදාලය. විශේෂයෙන් අධිආරක්ෂක කලාපයක් තුළ ඝාතනය කල මාධයවේදී ලසන්ත වික්‍රමතුංග, මේ වනවිටත් කිසිදු තොරතුරක් නොමැති අතුරැදහන්කල මාධ්‍යෙව්දී ප්‍රගීත් එක්නැලිගොඩ මෙන්ම පසුගිය වසර ගණනාවකදී ලංකාව තුල මෙසේ ඝාතනය කල, අතුරැදහන්කල සහ පහරකෑම්වලට ලක්වුනු මාධ්‍යෙව්දීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලට පහරදී ගිණී තැබීම්කල කිසිදු අයෙක් මෙතෙක් නීතිය හමුවට පැමිණවීමට බලධාරීන්ට නොහැකි වී ඇත්තේ ඉහත කී කියමනේ සත්‍යතාවය නිසා දැයි සාධාරණ සැකයක් දැන් මතුවනු ඇත.
කෙසේ නමුත් ධර්මර්ත්නම් සිවරාම් නම් ප්‍රවීන දේශපාලන විචාරකයා, ජනමාධ්‍ය වේදියා ඝාතනය කර වසර 7ක් නික්ම යමින් තිබේ. නමුත් මේවන විටවත් සිවරාම් ඝාතනය කළ ඝාතකයින් හරිහැටි හඳුනාගන්නට බලධාරීන්ට නොහැකි වී ඇත. මෙවන් ඝාතනයන් සිදු වී වසර ගණනාවක් ගතවූත් එයට අදාල ඝාතකයින් සොයාගැනීමට බැරි රටක අනාගතය කෙසේ ‛සුභ අනාගතයක්’ වෙයි ද? මෙවන් මිනිසුන් මරා දමන රටක අනාගතය කෙසේ ‛සුභ අනාගතයක්’ වෙයිද? කෙසේ නම් මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින, අන්මත ඉවසන සමාජයක් වෙයිද?
මේ ‘තරාකී‘ වෙනුවෙන් මංජුල වෙඩ්වර්ධන ලියූ කවියකි.
නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි
අන්ධකාරය බිඳී තරුවක් නුබ නැඟෙයි
සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි
තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි
මන්ද මාරුතයේ එතී එන රුධිරයේ
සිංදු කියනා කටහඬක මතකය තියේ
චණ්ඩ මාරුත හමා ආ රුදු රාත්‍රියේ
මන්ද සකි සඳ නින්ද පතුළට ඔබ ගියේ
කිඹුල්වත් නගරයේ නිරුවත පෙනුනා
කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා
ඔබේ කටහඬ ඒ හදින් හද පිරුණා
- vikalpa.org