"පියාගේ ස්මාරකයක් ඉදිකිරීමට බොරැල්ල කනත්තේ ඉඩක් ඉල්ලුම් කළාම ඒක ලැබුනේ නැහැ. එම බලධාරීන් ඒ සම්බන්ධයෙන් පවසන්නේ කොළඹ ප්‍රදේශයේ පදිංචි පිරිසට පමණක් මෙම තත්ත්වයට හිමිකම් කිව හැකි බවයි. නමුත් මගේ පියාටත් මවටත් එසේ තහවුරු කළ හැකි කොළඹ පදිංචියක් නැහැ.
මේ නිසා මගේ පියා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට බොරැල්ල කනත්තෙන් ලබාගත නොහැකියි.
මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමාටත් ලිපියක් යොමු කළා. ඒ සම්බන්ධයෙන් මට පිළිතුරු ලිපියක් එවූ එතුමාගේ සම්බන්ධිකරණ ලේඛම්ම් වරයෙකු සඳහන් කළේ, නාගරික කොමසාරිස් වරයාට මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස පැවසූ බවයි.
ඉන්පසු එම කොමසාරිස් වරයා එය රෙකමදාරු කිරීමට බොරැල්ල කනත්ත භාර පුද්ගලයාට යොමු කර, ඔහුගේ රෙකමදාරුවෙන් පසු කොළඹ නගරාධිපතිවරයා වෙනමම කොමිටියකින් අනුමැතිය ලබාගැනීමට යොමු කර තිබෙනවා. මම මෙම ඉඩ කොටසට මුදල් ගෙවීමටත් සූදානම්."
රට වෙනුවෙන් බිඳකුදු මෙහෙයක් නොකළ දේශපාලඥයන් හා ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඉඩ වෙන්වන රටක, මෙවන් වූ විශිෂ්ඨ රංගධරයකු වෙනුවෙන් වර්ග අඩි හතරක ඉඩක් වෙන් නොවන්නේ මන්ද යන්න අදාල බලධාරීන් අවධානය යොමු කළ යුතුව ඇත.
Source: http://www.gossip9.com/2012/05/blog-post_9367.html#ixzz1tciE23Es