ජනාධිපතිවරයාට තම තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා, අමාත්‍යවරුන් රාශියක්ම මෙවර මැයි දිනය යොදා ගැනීමට තිරණය කර ඇති බව ශී‍්‍ර ල.නි.ප. මූලස්ථානයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු අප වෙත පැවසීය. එසේ එකඟත්වයකට පැමිණ ඇති ඇමතිවරුන් සියලූ දෙනා පාහේ පසුගිය කාලය තුළ ජනාධිපතිවරයාගේ කොන්වීමට ලක් වූ පුද්ගලයින් වේ.
ඒ අනුව, එම ඇමතිවරුන් තම තමන්ගේ ප්රතිරූප ඉස්මතු වන ආකාරයෙන් තමන්ගේ පිරිස් සමග මෙ මැයි දිනයට සහභාගිවීමට තිරණය කර ඇත. මෙම තත්ත්වය මත එම ඇමතිවරුන් තමන්ගේ ශක්තිය පෙන්වීම සඳහා විශාල සෙනඟක් ගෙන ඒමටද කටයුතු කරමින් සිටී.
ජනාධිපතිවරයා කෙරෙහි නොසතුටින් සිටින ඇමතිවරුන් එසේ කටයුතු කරද්දී, අනෙකුත් බොහෝ ඇමතිවරුන් හා බහුතරයක් ආසන සංවිධායකයින් පවසා ඇත්තේ ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න හමුවේ මෙවර මැයි දිනයට පිරිස් සහභාගි කරවා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇති බවයි. එම තත්ත්වය යටතේ ආණ්ඩුවේ මැයි දිනය භාරව කටයුතු කරන ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා හා නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා, බලහත්කාරය යොදමින් සෙනඟ ගෙන්වීමට කටයුතු කරමින් සිටී.
ඒ අනුව, රැුකියා ස්ථිර කර නොමැති සියලූ උපාධිධාරීන්ට මෙවර මැයි දිනයට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බවට දැනුම් දී ඇති අතර, ඊට අමතරව රැුකියා බලාපොරොත්තුව සිටින තරුණ කොටස් සහ රැකියා ස්ථීර කර ගැනීමට බලාපොරොත්තු වන රජයේ සේවකයින් මෙම මැයි දිනයට බලහත්කාරයෙන් ගෙන්වීමට කටයුතු යොදා තිබේ.
Source - lankanewsweb.com