එම අරගලයේදී මිල කළ නොහැකි පරිත්‍යාග කරමින් සටන් කළ වීරවරියන් වීරවරුන් සැමරීම සඳහා වෙන් වුණු මැයි දිනයේදී ලොව පුරා ජනතාව සිය ශක්තිය ඒකරාශී කරති¦ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ශී්‍ර ලාංකේය වැඩකරන ජනතාව මැයි දිනය සමරන ලොව පුරා ජනතාව සමඟ අත්වැල් බැඳගනී.
වේගයෙන් වැඩිවන ජීවන වියදම තව දුරටත් දරා ගන්නට නොහැකි තත්වයට ජනතාව මුහුණ දී ඇත. මුළු ජනගහනයෙන් 53%ක් අද උපයන්නේ දුප්පත් කෑම වේලක් පමණක් සරි කරගන්නට තරම් වූ සුළු මුදලකි.
ශී්‍ර ලංකාවේ ස්වෛරීභාවය හා අභිමානය ආරකෂා කිරීමට අසමත් වී ඇති මහින්ද රාජපකෂ පාලනය විශේෂයෙන්ම ඇමරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා ඉන්දීය ආධිපත්‍යයවාදය ඉදිරියේ ශී්‍ර ලංකාව බාල්දු කර ඇත. අධිරාජ්‍යවාදීන්ට ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කර දී ඇත. ඒ තුළ ලංකාව අධිරාජ්‍යවාදයේ ගොදුරක් වීමේ අවදානම මතුවී තිබේ.
ලාංකේය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, මානව අයිතීන්, උදුරා ගන්නා මහින්ද රාජපකෂ පාලනය රාජපකෂ පවුලේ ඒකාධිපතිත්වයකට රටත් ජනතාවත් යට කරමින් තිබේ.
උතුරු නැගෙනහිර ජනතාවගේ මූලික වුවමනා ඉටු කරමින් ජාතික සමගිය, සමානාත්මතාවය හා ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීමට අසමත් වූ ආණ්ඩුව ජාතිවාදය හා ඛෙදුම්වාදය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර ඇත.
ජනතාවගේ මූලික අවශ්‍යතා වන කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, බේත් හේත්, අධ්‍යාපනය රැකී රකෂා ආදිය සැපයීමට මහින්ද රාජපකෂ පාලනයට නොහැකි නිසා සමාජ ප්‍රශ්න උග්‍ර වී තිබේ¦ අපරාධ වැඩිවී තිබේ.
ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අසමත්ව ඇති රාජපකෂ පාලනය රට තුළ උත්සන්න වන අපාරාධ වැළැක්වීමට අසමත්ව සදාචාරමය වශයෙන් රට ප්‍රපාතයකට හෙළා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා තවත් එවැනි අධිරාජ්‍යවාදී ආයතන හා එක්ව හවුලේ ශ්‍රී ලංකාව ආර්ථීක, දේශපාලන, සමාජමය හා සදාචාරමය වශයෙන් බංකොලොත්භාවයට පත්කරනු ලැබූ අධිරාජ්‍යගැති ධනපති ශී්‍ර ලංකා නිදහස් පකෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එක්සත් ජාතික පකෂයේ ඛෙදී ගිය පාර්ශව දෙකත් ශී්‍ර ලංකාව මේ වැටී ඇති බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට සමත් නොවන බව සහතිකය. ලංකාව මුහුණ දී ඇති අර්බුදයන්ගෙන් හා අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලින් මුදාගැනීම සාකෂාත් කිරීමට හැක්කේ, අධිරාජ්‍යවිරෝධී ධනවාදවිරෝධී අරගලයේ ජයග්‍රහයණය තුළින් පමණි. ඒ සඳහා පුළුල්තම අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සඳහා ලාංකේය කම්කරු පංතිය ප්‍රමුඛ වැඩකරන ජනතාව පෙරමුණ ගත යුතුව ඇත. මෙම මැයි දිනයේදී වැඩකරන ජනතාවගේ අධිෂ්ඨානය විය යුතුව ඇත්තේ එයයි.
එම නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ගොඩනැගෙන අධිරාජ්‍යවිරෝධී, ධනවාදීවිරෝධී පළල් පෙරමුණ වටා මතවාදීමය වශයෙන් හා සංවිධානමය වශයෙන් වහාම පෙළ ගැසෙන ලෙසත් ජයග්‍රහණය දක්වා සටන් වදින ලෙසත් ශී්‍ර ලංකාවේ වැඩකරන ජනතාවට, ගොවි ජනතාවට, ධීවර ජනතාවට, කාන්තාවන්ට, තරුණයන්ට, ශිෂ්‍යයන්ට, වෘත්තීයවේදීන්ට, තාකෂණවේදීන්ට, සාහිත්‍ය කලාසූරීන්ට, ප්‍රජාතන්ත්‍රවාදීන්ට, මානව හිතවාදීන්ට, පරිසර හිතවාදීන්ට ජනතා විමුක්ති පෙරමුණ ආරාධනය කරයි.