Chitika Smowtion 468x60


Tuesday, May 15, 2012

NSB මංකොල්ලය 'ආර්ථීක ඝාතක' කබ්රාල්ගේ වැඩක්


ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් 'ද ෆිනෑන්ස්' සමාගමේ පහළොස් දෙනකුට අයත් කොටස් මිලියන 7986ක ප්‍රමාණයක් කෘතිම ලෙස ඉහළ නන්වනලද අධිමිලක් ගෙවා මිල දී ගැනීමේ පිටුපස සිටින මහ මොළකාරයා මහ බැංකුව අධිපති, ආර්ථීක ඝාතක අජිත් නිවාඩ් කබ්රාල් මහතා බව මේ වනවිට තහවුරු වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. එම කොටස් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයාගේද අනුමැතිය ලබා ගත් බව මහබැංකු අධිපතිවරයා පවසා තිබේ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මිල දී ගත් 'ද ෆිනෑන්ස්' සමාගමේ එක් කොටසක සත්‍ය වටිනාකම රුපියල් 30-32 වූ නමුත්, බැංකුව විසින් එම කොටසක් මිල දී ගෙන ඇත්තේ රුපියල් 50කට ආසන්න අධිමිලකටය. මේ සඳහා රුපියල් මිලියන 390ක් සම්පත් බැංකුව හරහා ද ෆිනෑන්ස් සමාගමට ගෙවීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව කටයුතු කර තිබේ. ඒ අනුව එම මුදල සම්පත් බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් විකුණුම්කරුවන්ට දැනටමත් ගෙවා ඇත.
ද ෆිනෑන්ස් සමාගමේ අදාළ කොටස් ප්‍රමාණය අතිශ්‍ය බහුතරයක් පුද්ගලයින් පස්දෙනෙකුට අයත්වේ. මොහුන් නම්, දිනාල් විෙජ්මාන්න (කොටස් මිලියන 2.9යි - අධිමිල යටතේ කොටස්වල වටිනාකම රුපියල් මිලියන 145.25), පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සොහොයුරු රේනෝද සිල්වා (කොටස් මිලියන 2.9යි - අධිමිල යටතේ කොටස්වල වටිනාකම රුපියල් මිලියන 145.25), නන්දදේව පෙරේරා (කොටස් මිලියන 0.669යි - අධිමිල යටතේ කොටස්වල වටිනාකම රුපියල් මිලියන 34.48), යෝගානන්ද පෙරේරා (කොටස් මිලියන 0.667යි - අධිමිල යටතේ කොටස්වල වටිනාකම රුපියල් මිලියන 33.38), රුවන් වී සුගතදාස (කොටස් මිලියන 0.23යි - අධිමිල යටතේ කොටස්වල වටිනාකම රුපියල් මිලියන 10.68).
මෙසේ අධිමිලක් යටතේ කොටස් විකුණු දිනාල් විෙජ්මාන්න මහතා මෙම කොටස් ගනුදෙනුව සම්බන්ධයෙන් තැරැවුකරුවන් ලෙස කටයුතු කළ 'තැප්‍රෝබේන් සිකියුරටි' සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාය. මෙහි විශේෂත්වය වන්නේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සමීපතම මිතුරා වන අජිත් දේවසුරේන්ද්‍ර මහතා මෙම තැප්‍රෝබේන් සිකියුරටි සමාගම හිමිකරුවා වීමය.
මෙලෙස තැරැවුකාර සමාගමක නිලධාරියකු සතු කොටස් මිල දී ගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ යෝජනාවක් ඉදිරිපත් වීම මුදල් අමාත්‍යාංශයේ විශේෂ අවධානයට ලක් වී තිබේ.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන්ගේ ව්‍යාපාරික ගණුදෙනු සිදුකරන්නේ අජිත් දේවසුරේන්ද්‍ර මහතා හරහා බව අප ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කර සිටිමු. කබ්රාල් වෙනුවෙන් ව්‍යාපාරිකයින් සමඟ 'ඩීල්' දමන්නේ අජිත් දේවසුරේන්ද්‍ර මහතාය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවට 'ද ෆිනෑන්ස්' සමාගමේ කොටස් මිල දී ගැනීමට බලපෑම් කළ ආකාරයටම මීට ඉහත දී කෘති්‍රම ලෙස ඉහළ නන්වන ලාෆ් ගෑස් සමාගමේ කොටස් රජයේ ETF විසින් මිල දී ගැනීමේ ජාවාරමක මෙහෙයවා ඇත්තේ මහ බැංකු අධිපතිවරයාය. ඒ වෙනුවෙන් ලාෆ් ගෑස් සමාගමේ අධිපති වෑගපිටිය මහතා අත්තිකාරම් මුදලක් ලෙස පමණක් රුපියල් මිලියන 25ක් මහ බැංකු අධිපතිවරයාටද ලබා දී ඇත.
'ද ෆිනෑන්ස්' සමාගමේ කොටස් අපයෝජනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මුළුමනින්ම වගකිවයුතු වුවද ඔහු ජනාධිපතිවරයාගේ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ රහස් ව්‍යාපාරික ගණුදෙනු රැසක්ම දන්නා බැවින් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බව සඳහන් කළ අපවෙත තොරතුරු ලබාදුන් නිලධාරියා, මෙම තත්ත්වය යටතේ ජාතික ඉතිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරිවසම් මහතාට ඉල්ලා අස්වීමට සිදුවනු ඇතැයිද වැඩි දුරටත් පැවසීය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් 'ද ෆිනෑන්ස්' සමාගමේ කොටස් මිල දී ගැනීම ජනාධිපතිවරයාගේ පූර්ණ මැදිහත් වීම මත සිදු කරනු ලැබූ මෙහෙයුමක් බව අප මීට පෙරද වාර්තා කළෙමු. අගවිනිසුරු ආචාර්ය ශිරණි බණ්ඩාරනායක මහත්මිය, ජාතික ඉතිරිකිරීමේ බැංකු සභාපතිවරයාගේ බිරිඳවේ. මෙම මෙහෙයුම හරහා අගවිනිසුරුවරිය අපහසුතාවයට පත්කොට ඇය තමන් යටතේ තවදුරටත් රදවා ගැනීමට ජනාධිපතිවරයාගේ ඉලක්කය වී තිබූ බවද අප මීට පෙර වාර්තා කළෙමු.

Source - lankanewsweb.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends