
කිසියම් වරදක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලබන සැකකරුවෙකු අධිකරණ නිලධාරියෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් තොරව පැය 48 ක කාලයක් දක්වා තම අත් අඩංගුවේ තබාගැනීමට පොලිසියට අවසර දීම අරමුණු කර ගනිමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳව තම බරපතළ අවධානය යොමුවී ඇති බව ප්‍රකාශ කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය පුරවැසියන්ගේ නිදහස කෙරෙහි බරපතළ ප්‍රතිවිපාක ඇතිකළ හැකි මෙම සංශෝධනය හකුළා ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
මේ බව දැක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ සංවිධානයේ කැඳවුම්කරුවන් වන නීතිඥ ලාල් විජේනායක සහ නීතිඝ්න ජේ. සී. වැලිඅමුණ යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගිනි.
"ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් කර ගත් නායකයන් යටතේ දෙවන ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන මේ සමයෙහි නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් වලට ගරු කිරීම සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබීම කණගාටුදායකය. අපරාධ නඩුවිධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ගන්නා උත්සාහය දෙස බැලිය යුත්තේ ඒ පසුබිම යටතේ ය. පොලිස් ස්ථානයන්හි දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් පොලිස් නිලධාරීන් අතින් වධහිංසා වලට සහ අවමන් සහගත සැලකිලි වලට ලක් වීමේ ඉඩ කඩ පිළිබඳවද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය සැලකිල්ලක් දක්වයි.
එබැවින් මෙම සංශෝධනයට තම විරෝධය පළකරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය එම යෝජිත සංශෝධනය හකුළා ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් තම විරෝධය නොපමාව පළ කරන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන්ද එය ඉල්ලා සිටී.
නීතිඥ ලාල් විජේනායක-077-781 2010
නීතිඥ ජේ. සී. වැලිඅමුණ- 077-735 1208
කැඳවුම්කරුවෝ
2012 ජුනි 07 දින
Source - lankanewsweb.com
Masi Wili · 644 weeks ago