මෙතෙක් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට කැබිනට් අනුමැතියකින් ලබාදී තිබූ කී‍්‍රඩා ගුවන් විදුලි විකාශන අයිතිය ජනාධිපති පුත‍්‍රයින්ට අයත් ‘කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්’ (CSN) ආයතනයට විකුණා දැමීමට කටයුතු සූදානම් කරමින් තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය මැයි 22 වනදා කී‍්‍රඩා බලධාරීන් ප‍්‍රකාශ කර සිටියේ, අවුරුදු 03 ක් සඳහා රුපියල් මිලියන 125 කට කි‍්‍රකට් කී‍්‍රඩා විකාශන අයිතිය ක්‍ීභ ආයතනයට ලබා දුන් බවයි. රජයට පමණක් අයිතිව තිබූ කී‍්‍රඩා රූපවාහිනී විකාශන අයිතිය පෞද්ගලික අංශයටද ලබාදීම සඳහා ආණ්ඩුව අනුගමනය කළ කි‍්‍රයා පිළිවෙතෙහිම ඉදිරියටත් ගමන් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව, පාර්ලිමේන්තු පනතකින් රජය සතුව තිබූ රූපවාහිනී හා ගුවන් විදුලි කී‍්‍රඩා විකාශන අයිතිය පෞද්ගලික අංශයටද භාවිතා කළ හැකි වන අයුරින් නව නීති හඳුන්වාදීමට යයි.
Source - lankanewsweb.com