ජපානයේ එන්.එච්.කේ රූපවාහිනී ආයතනයෙන් ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලැබීමට නියමිත කාර්මික භාණ්ඩ තොගයක් සී.එස්.එන් නාලිකාවට ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.
රූපවාහිනී සංස්ථාව ආරම්භයේදී එන්.එච්.කේ ආයතනය සමගින් ඇතිකරගත් ගිවිසුමකට අනුව එන්.එච්.කේ ආයතනයෙන් ඉවත් කරන කාර්මික භාණ්ඩ වසර හතරෙන් හතරට ජාතික රූපවාහිනී සංස්ථාවට ලබාදීමට නියමිත අතර ඒ අනුව මෙවර ලැබීමට නියමිත භාණ්ඩ තොගය සි.එස්.එන් නාලිකාවට ලබාදීමට කටයුතු යොදමින් පවතිනවා.
කෙසේ වෙතත් එන්.එච්.කේ නාලිකාව මගින් ලබා දෙන භාණ්ඩ වෙනත් නාලිකාවකට ලබාදී ගිවිසුම් කඩ කළහොත් ඉදිරියේදී රූපවාහිනියට එම භාණ්ඩ ලැබීම අත්හිටුවන බව පැවසේ.

Source: http://www.gossip9.com/2012/06/csn.html#ixzz1xCCGAiZY