Chitika Smowtion 468x60


Friday, June 8, 2012

ජනාධිපතිගේ වාහන තොරතුරු අතුරුදහන්!


ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරුන් පරිහරණය කරන වාහන සංචිතවල වටිනාකම 2011 මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශ වාර්ෂික වාර්තාවට ඇතුළත් කර නොමැත. 2010 වසර දක්වා නිකුත් කළ එම වාර්ෂික වාර්තාවල ඊට අදාළ සියලූ විස්තරද ඇතුළත් කර තිබිණ.
2005 වසර අවසානයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විශ‍්‍රාම යන අවස්ථාවේදී ජනාධිපති ධූරය වෙනුවෙන් වෙන් කර තිබූ වාහන සංචිතයේ වටිනාකම රුපියල් තුන්කෝටි නව ලක්‍ෂ දහදාහක් (30,910,000) වී තිබූ බව එම වාර්තාවේ සඳහන් විය.
එය 2010 වර්ෂය අවසන් වන විට රුපියල් දෙසිය හැටඑක්කෝටි විසිහතර ලක්‍ෂ තිස්පන්දාහක් (2,612,435,000) වී තිබිණ. එය 8451% වැඩිවීමකි.
නමුත් 2011 වර්ෂය තුළ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් වෙනුවෙන් මිලදී ගත් වාහනවල වටිනාකම සහ මුළු වාහන සංචිතවල වටිනාකම එම වාර්ෂික වාර්තාවේ හෙළි කර නැත.
ශී‍්‍ර ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවියේ මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කර තිබේ. එහි පිටු අංක 514 සිට 519 දක්වා වෙන් කර ඇත්තේ වාහන මිලදී ගැනීම් පිළිබඳ සවිස්තර සටහනට වන අතර, එය හිස්ව තබා ඇත.
එහි පිටු අංක 520 සිට 527 දක්වා ජනාධිපතිවරයා, අගමැති ඇතුළු ඇමතිවරුන්ගේ සහ රජයට ගෘහ භාණ්ඩ සහ කාර්යාල උපකරණ යන්ත‍්‍ර, උපකරණ මිලදී ගැනීම්වලට අදාළ විස්තරවලට වෙන් කර තිබේ. ඒ අනුව, 2011 වසර තුළ ජනාධිපතිවරයා වෙනුවෙන් ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ මිලදී ගැනීමට රුපියල් 29,985,000 මුදලක්ද, යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 82,313,000 වැය කර ඇති බව හෙළිදරව් වේ.


Source - lankanewsweb.com

Share this article with your friends