ජනාධිපති සමාව ලබා සිරගෙදරින් එලියට පැමිණ සිටින සරත් ෆොන්සේකා මහතාට තව දුරටත් ඉතිරිව ඇති නඩු වලින් තීරණාත්මක නඩුවක් වන ඉකුත් ජනාධිපතිවරණ සමයේදී හමුදාවෙන් පළා ගිය සෙබළුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව මේ මස 21 වැනිදා සිට දිගටම විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය. සෙබළුන් 10 දෙනෙකු රාජ්‍ය පාක්ෂික භාවයෙන් මුදා, වැටුප් හා නවාතැන් ලබාදී ලඟ තබාගැනීම යන චෝදනාව ඇතුළු චෝදනා 41 ක් යටතේ සරත් ෆොන්සේකාට සහ ජනාධිපතිවරණ සමයේ ඔහුගේ ලේකම්ව සිටි බි්‍රගේඩියර් සේනක සිල්වාට එරෙහිව මෙම නඩුව ගොනු කොට ඇත.
මෙම නඩුව
ඊයේ (07) කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති සමාව ලැබීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා ප්‍රථම වරට අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. නමුත් ෆොන්සේකා මහතාගේ ලේකම්ව සිටි සේනක සිල්වා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු අසනීප බව අධිකරණයට දන්වා සිටියේ ය.මෙම නඩුව
මෙම නඩුව මේ වන විට ටිරාන් අලස් විසින් දුෂ්කර තත්ත්වයකට පත් කර තිබේ. ඊට පසුබිම් කාරණා ගොඩ නැගෙමින් ඇත්තේ මෙලෙසය.
ෆොන්සේකා මහතා වසර දෙකක් සිර ද
මෙම සිදුවීමෙන් සේනක සිල්වා මහතා දැඩි ලෙස කම්පා වී ඇති අතර ඉන්පසුව ජෙනරාල් ෆොන්සේකා හමුවීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ දී ද ටිරාන් අලස් ගේ ආරක්ෂකයන් ඊට බාධා කර තිබේ. දින කිහිපයක රස්තියාදුවකින් පසු කෙසේ හෝ ෆොන්සේකා හමුවී ඇති සේනක සිල්වා මේ බව ඔහුට දැනුම් දී ඇති අතර ෆොන්සේකාගේ උපදෙස වී ඇත්තේ 'ඒ ගොල්ලොනෙ මාව බේර ගත්තෙ. මට ඊට පිටින් යන්න බැහැ. මං නැවත දැනුම් දෙන තුරු මේ පැත්තේ එන්න එපා' යනුවෙනි. මේ කාරණා මත සේනක සිල්වා සිටින්නේ දැඩි කලකිරීමකින් බව පැවසේ.
කෙසේ වෙතත් අද ඔහු නඩුවට පැමිණියේ නැත. මෙම තීරණාත්මක නඩුවේදී සේනක සිල්වාට ප්‍රධාන වශයෙන් චෝදනා වී ඇත්තේ ෆොන්සේකාට සහාය වීම යන කාරණයන් ය. එකම නඩුවක චූදියන් ව සිටියදී එම චූදියන් දෙදෙනා අතර විරසක මතු කරවීමෙන් ටිරාන් අලස් තවත් ඩීල් එකකට සූදානම් වනවාද යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇත.
මෙය තීරණාත්මක නඩුවක් වන්නේ වැරදි කරු වුවහොත් වසර 10 ක පමණ සිරද
මේ අතර ෆොන්සේකා පැහැරගෙන යනවාත් සමගම අත් අඩංගුවට ගෙන මාස 3 ක් රැඳවුම් නියෝග යටතේ රහස් පොලිසියේ රඳවාගෙන සිටි ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ සමයේ සම්බන්ධීකරණ කටයුතු කළ මේජර් ජෙනරාල් සුනිල් ද සිල්වා මහතාට ද තවත් ෆොන්සේකා මහතා වෙනුවෙන් සිරබත් කෑ ඉංග්‍රීසි පුවත් පත් මාධ්‍යවේදියෙකුටද ෆොන්සේකාගේ නිදහසින් පසු ඉහත සන්තෑසියම සිදුවී තිබේ.