Chitika Smowtion 468x60


Sunday, June 24, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට් 'බූරුවා' සූදුවේ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික ජෙෆ් මාෂ් මහතාට රුපියල් ලක්ෂ 40ක වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තාවේ.


ජෙෆ් මාෂ් මහතාගේ සේවයට අදාළ ගිවිසුම් කාලය නිමාවීමට පෙර ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් මෙම වන්දි මුදල ඉල්ලා ඇත. ඔහු නීතිඥයකු මාර්ගයෙන් එවූ ලිපියේ සඳහන්ව ඇත්තේ තමන් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹි ගිවිසුමට පිටුපාමින් කිසිදු දැනුම් දීමකින් තොරව එලෙස සේවයෙන් පහ කිරීම නීත්‍යානුකූල නොවන බවයි.
එහි දී අනවශ්‍ය ගැටුමකට නොගොස් එම වන්දි මුදල ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතත් මෙම වන්දි මුදල ලබා දෙන්නේ ජෙෆ් මාෂ් එළවීමට තීරණය ගත් පුද්ගලයින්ගේ මුදලින් නොව, බංකොලොත් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලිනි.
පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් සමඟ ජනාධිපතිවරයා සහ ඔහුගේ දරුවෝත්, ඔවුන්ට ආවඩන නිලධාරීන් පිරිසත් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් නැති නාස්ති කළ අතර ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ රාජපක්ෂලා ක්‍රිකට් මුදලින් බූරුවා ගස බවයි.


Source - lankanewsweb.com

Share this article with your friends