ශ්‍රී ලංකාවේම යුක්තිය පසි`දලීමේ ක්‍රියාදාමය මුහුණ පා සිටින තත්ත්වය හෙළිදරව් කරන ඉහත ප්‍රකාශය මහේස්ත්‍රාත්වරයෙකු විවෘත අධිකරණයේ කරන ලද්දකි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතාට එසේ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට සිදු වූයේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව සම්භන්ධයෙනි. භාරත ඝාතනයෙහි සැකකරුවෙකු ලෙස නම් කර තිඛෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ ස්ථාවරය ප්‍රකාශ කළේ එලෙසින් ය.
ශ්‍රී ලංකාවේ බලපවත්වන නීතියට අනුව සුදර්මන් රදලියගොඩ අධිකරණයක් මගින් වරෙන්තු නිකුත් කර සිටින සැකකරුවෙකි. ඔහුට එරෙහි වරෙන්තුවට සමාන වරෙන්තුවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2010 වසරේදී ජෙනරල් සරත් ෆොන්සේකාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්නට එරෙහිවද නිකුත් කළේය. එම අවස්ථාවේදී නම් පොලීසිය ධනුන තිලකරත්න නිවසේ නොසිටි නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි බව කියා සිටියේ නැත. ධනුන වරෙන්තුකරුවෙකු බව ස`දහන් පෝස්ටර් රට පුරා ඇලවිණ. ඔහු ගැන ඔත්තුවක් ලබා දෙන අයෙකුට රුපියල් දශ ලක්ෂයක ත්‍යාගයක් පිිරිනමන බව ප්‍රකාශ කළේය. ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන කොළඹ නගරය පුරා ඒ බව නිවේදනය කළේය. තිලකරත්නගේ ඥාති හිතමිතුරන්ගේ නිවෙස් රෑ දහවල් වෙනසකින් තොරව පිරික්සුවේය. අවසානයේදී වරෙන්තුකරුවෙකුට රැකවරණ ලබාදුන් බවට චෝදනා කොට ධනුන ගේ අසූ හැවිරිදි මිත්තණියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුණි. ඒ සියල්ලට ම පොලිසියට මාස 3 ක් වත් ගත නොවීය.
2010 මහ මැතිවරණයට එ.ජා.ප.යෙන් තර`ග වැදුණු සුසිල් කිෙ`දල්පිටිය ද සිරස රූපවාහිනී අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කළ අයෙකි. කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා භාර දී සති දෙකකටත් නොඅඩු කාලයකදී ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ කාන්තාවක් පැහැරගෙන ගොස් මරණීය තර්ජන එල්ල කිරීමක් සම්බන්ධව චෝදනා කරමිනි. පසුව අධිකරණය ම`ගින් ඔහුව නිදහස් කරනු ලැබුවේ පොලිසියට පැමිණිලි කළ බව කියන කාන්තාවම අධිකරණය හමුවේ සිද්ධිය අසත්‍ය බව ප්‍රකාශ කිරීම නිසාය.
පොලීසිය අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ ආයතන සහ සේවකයන්්ද ලංකාවේ බල පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිපැදීමට බැ`දී සිටිති. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිය ඉදිරියේ සියල්ලෝම සමාන වෙති. යුක්තිය ඉටු කිරීම ස`දහා සියලූ දෙනාටම සමාන අයිතියක් ඇත්තේය. ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සියලූ බලධාරීහුද ඛෙරිහන් දෙන්නේ නීතියේ අධිපත්‍යය බලපවත්නා රටක් ලෙස ලංකාවේ පවතින අධිකරණ පද්ධතිය තුළ කිසිවෙකුට අසාධාරණයක් නොවන බවය. එහෙත්් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය තව දුරටත් විමසා බැලීමේදී ඔබට හැ`ගී යන්නේ කුමක්ද?
තවත් උදාහරණ කිහිපයක් සලකා බලමු. 2010 ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වූයේ ජනරාල් සරත් ෆොන්සේකාය. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඔහු 2010 වසරේ පෙබරවාරියේදී හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හමුදා අධිකරණයකින් නඩු අසා සිරගත කරනු ලැබුණි. තමා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේ 2010 වසරේ මාර්තු මාසයේදී ය. වසර දෙකකුත් මාස 4 කට පසුව ජනාධිපති සමාවක් ලැබ සිර ද`ඩුවම අවසන් වන තෙක් ෆොන්සේකාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අසමත් විය. ජනාධිපතිවරණ පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණ. හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම නීති විරෝධි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටි පෙත්සම ඉවත දැමිණ. හමුදා අධිකරණය හමුවේ ඔහුට චෝදනා කර පැමිණිල්ල මෙහෙයවනු ලැබුවේත් එම අධිකරණයේ විනිසුරුවරුන්ට උපදෙස් දුන්නේත් නීතිපති දෙපාර්තමේන්තුව යි. ජෙනරල්වරයා සිය පෙත්සමෙන් කියා සිටි එක් කරුණක් වූයේ ද පැමිණිල්ල ද විනිසුරු ද එකම පාර්ශවයක වීම ස්වභාවික යුක්තියට පටහැනි බවය. ෆොන්සේකාගේ පෙත්සම ඉවත් කළ නමුත් පැමිණිලිකරුම යුක්තිය පසි`දලීම ස්වභාවික යුක්තියට පටහැනි බව පෙන්වා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අසමත් විය.
එකී මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් දීමට වසර දෙකකුත් මාස 4 ක් අසමත් වූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති සමාව හිමිවූ ෆොන්සේකාගේ අභියාචනා නඩු ඉවත්කරගැනීමට අවසර දීමට ගත්තේ පැය 4 කට නොඅඩු කාලයකි.
2010 ජනාධිපතිවරණයට පසු එතෙක් අධිකරණ අමාත්‍යංශය යටතේ පැවති නීති පති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරාගනු ලැබීය. ඒ අනුව දැන් නීති පති දෙපාර්තමේන්තුව භාර දේශපාලන නායකයාද ජනාධිපති වරයාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතට නීතිපති දෙපාර්තමේන්තුව පත්වීමෙන් පසු වාර්තා වන සිදුවීම් මෙසේය:
පරාජිත ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහි නඩු 3 ක් මහාධිකරණයේ පැවරිණ. ඉතිහාසයේ මුල්වරට නීතිපතිවරයා විසින් හමුදා අධිකරණයේ නඩු මෙහෙයවීමක් සනිටුහන් කරමින් සරත් ෆොන්සේකාට එරෙහිව හමුදා අධිකරණයේ නඩු දෙකක් පැවරිණි. ෆොන්සේකා පවුලේ තිදෙනෙකුට ද (බෑනා වන ධනුන තිලකරත්න නෑනා වන අශෝකා තිලකරත්න නැන්දනිය වන ජයන්ති තිලකරත්න) නඩු පවරනු ලැබිණි.
විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට එක්වූ මන්ත්‍රිවරුන් වූ අබ්දුල් කාදර් (මහනුවර), අර්ල් ගුණසේකර (පොළොන්නරුව), ලක්ෂ්මන් සෙනෙවිරත්න (බදුල්ල) යන පුද්ගලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග අත්හිටවිණ. මේ තිදෙනා ආණ්ඩුවට එක්වීම මත 13 වන ව්‍යවස්ථා සංශෝදනයට අදාල 2/3 ඡන්ද රජවට ලැබිණ. රජයට මුදල් දශ ලක්ෂයක් වංචා කිරීම පිළිබද මහනුවර මහාධිකරණය හමුවේ අබ්දුල් කාදර්ට එරෙහි පැවැති නඩුව නීතිපති විසින් ඉල්ලා අස් කරගනු ලැබීය. අර්ල් ගුණසේකර මන්ත්‍රීවරයාගේ සොයුරිය විසින් මින්නේරිය රක්ෂිතය තුළ ඉදිකර ඇති අනවසර හෝටලය රජයට පවරාගන්නා ලෙස අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුව ක්‍රියාත්මක නොවීය. ලංකා බැංකුවෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 65 ක ණය මුදලක් නොගෙවීම සම්බන්ධ ලක්ෂ්මන් සෙනෙවිරත්නට එරෙහි පැවැති නඩුව අත්හිටුවිණ. හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට එරෙහිව මහාධිකරණයේ පවරා තිබූ මිනීමැරුම නඩුවක මිනීමැරුම් චෝදනාව නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගනු ලැබීය.
ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකාරයෙකු වන ආණ්ඩුවේම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව පොලිසිය කියන්නේ නීතිපති උපදෙස් ලැබී නොමැති බවය. ටික දිනකට ඉහත මහාධිකරණයේදී රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර කියා සිටියේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට සිව්වරක් ලිඛිතව නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවය. (රහස් පොලීසියට මහාධිකරණයෙන් පහළ අධිකරණයක නියෝගයක් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගැනීමට පවතින නීතිය අනුව ඉඩ ලැබී ඇත. එහෙත් එය අත්‍යවශ්‍යම නොවන බව නීතියේ ස`දහන් ය.)
බීමතින් ව්‍යාපාරිකයෙකු සමග ගැටුමක් ඇති කරගත් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි දුනේෂ් ගන්කන්ද අත්අඩංගු වට ගෙන අධිකරණයට පැමිණවීමට පොලිසිය ගත කළේ පැය 24කට නොඅඩු කාලයකි. එහිදී පොලීසිය මංත්‍රීවරයකු අත් අඩංඟ=වට ගැනීමට නීතිපති උපදෙස් ලැඛෙන තුරු බලා සිටියේ නැත. මන්ත්‍රිවරයා සම`ග ගැටුම ඇතිකරගත් ව්‍යාපාරිකයා ජනාධිපතිගේ මිත්‍රයෙකු වන බවට මාධ්‍ය වාර්තා පළ විය.
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාල පරීක්ෂණය වසර 3 ක් තිස්සේ ඇදෙමින් පවතී. 2010 ජනාධිපතිවරණ සමයේ එය හදිසියේම රහස් පොලිසියට පැවරුණේ සරත් ෆොන්සේකා එම ඝාතනයට සම්බන්ධ බවට පවසමිනි. එහෙත් දැනගැනීමට ලැඛෙන පරිදි පරීක්ෂණ වලින් හෙළිවන කරුණු අනුව රජයේ ඉහල තැන් වෙතද ඇ`ගිලි දිගු වන බව පෙනී යාමෙන් පසු ඉදිරි උපදෙස් පතා නීතිපති වෙත යොමුකළ වාර්තා හමස් පෙට්ටියේය. ඒ සම්බන්ධයෙන් අත් අඩංගුංවේ සිටි පිච්චෙයි ෙජ්සුදාසන් 2011 ඔක් 13වන දින අභිරහස් ලෙස සිරගෙදරදී මරණයට පත්විය.
මාධ්‍යවේදී පෝ්ද්දල ජයන්තට පහරදී අත පය කඩා දැමුවේ තමා බව කිරිබත්ගොඩ ප්‍රසිද්ධ රැස්වීමකදී අමාත්‍ය මර්වින් සිල්වා පැවසීය. ඒ සම්බන්ධ වහා පරීක්ෂණ පවත්වන බව දෙදිනකදී පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය. ඊට සතියකට පසු කැළණිය සම්බන්ධිකරණ රැස්වීමකදී මර්වින් සිල්වා අගයමින් කතා කළේ අමාත්‍ය බැසිල් රාජපක්ෂය. පොලිසියට තවමත් අමාත්‍ය මර්වින් සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හැකිවී නැත.
මේ සිද්ධීන් සමුදාය පෙන්වා දෙන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ කොතැනකටද යන්නයි. එහෙත් බහුතරයට ඒ ගැන හැ`ගීමක් නැත.
- යුක්තිය (වාර්තාකරුවකු විසිනි)
Source - lankanewsweb.com