ආරක්ෂ හමුදා පවුලක උපදින තුන්වෙනි දරුවාට රුපියල් ලක්ෂය බැගින් ලබා දෙන බවට පොරොන්දු වුවත් මෙතෙක් මෙම මුදල් ගෙවා නොමැති බව ත්‍රිවිධ හමුදා ආරංචි මාර්ගවලින් වාර්තාවේ. 'රණවිරු පවුලක' උපදින තුන්වෙනි දරුවාට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දීමට 2011 වසරේ අයවැය කතාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු විය.
විවාහක රණවිරු පවුල් එක්ලක්ෂ තිස්දහස් තුන්සිය අටක් අතරින් මේ සඳහා තෝරාගෙන ඇත්තේ පවුල් 1521කි. එයින් පවුල් 789කට අදාළ දීමනා ලබා දී ඇති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඉකුත් 24වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබීය.
එහෙත් එවැනි දීමනාවක් ලද ආරක්ෂක හමුදා පවුලක් හෝ මේ දක්වා වාර්තා වී නොමැති බව ත්‍රිවිධ හමුදා ආරංචිමාර්ග වැඩි දුරටත් පවසති. මේ සම්බන්ධයෙන් ලේඛන සකස්කිරීම වරින්වර සිදුකරනු ලැබුවත් මේ දක්වා අදාළ දීමනාව ලබා දීමට රජය පියවර ගෙන නැතැයි ඔහු අවධාරණය කරති.
Source - lankanewsweb.com