විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයේ නායිකා තමිලිනීට සමාව දී ඇය පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ආණ්ඩුව විරෝධය පළ නොකරන්නේ නම්, එම ආකල්පය රැඳවුම් භාරයේ සිටින අනෙක් එල්ටීටීඊ සැකකරුවන් වෙනුවෙන්ද අනුගමනය කළ නොහැක්කේ මන්දැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරයේ මනෝ ගනේෂන් ප්‍රශ්න කරයි.
නීතිපති වරයාගේ අනුමැතිය පළවීමෙන් අනතුරුව තමිලිනී පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන මෙන් අධිකරණය පසුගිය සතියේ බලධාරීන්ට නියෝග කළේය.
ජනතා විමුක්ති පෙරමුණ
එල්ටීටීඊය පමණක් නොව, ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ නායකයන්ටද ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමාව දී තිබෙන වාතාවරණයක් තුල කොටසක් පමණක් වසර ගනනාවක් රඳවා තබාගෙන සිටින්නේ මන්දැයි ප්‍රශ්න කරයි.
"දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බලන්න, සෝමවංශ අමරසිංහ මහත්තය. ජීවිත තර්ජන තියෙනවා කියල රටින් පැනල ගිහිල්ල දැන් ආපහු ඇවිල්ල දේශපාලනය කරනවා, බොහොම හොඳයි," මනෝ ගනේෂන් බීබීසී සංදේශයට පැවසීය.
මහින්ද විජේසේකර සහ නිමලසිරි ජයසිංහ වැනි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පසුව රටේ ප්‍රබල ඇමති තනතුරු පවා හෙබවූ බවද ඔහු පෙන්වාදේ.
"දැන් විමල් වීරවංශ ඇමැතිතුමාත් කැරලිවලට සම්බන්ධ වෙච්ච, සංවිධානේ හිටපු අයනේ. ඉතින් ඒගොල්ලන්ට දුන් අවස්ථාව ඇයි අනිත් අයට දෙන්නේ නැත්තේ?," ඔහු විමසීය.
- BBC Sandeshaya
Source - lankanewsweb.com