Chitika Smowtion 468x60


Sunday, June 24, 2012

අමරේ උසාවියට ගෙන ගියේ කාල්ටන් එකේ ඉදලා ?


පසුගිය 15වනදා කටුවන පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට වෙඩිතැබූ ජුලම්පිටිය අමරේ නැමැත්තා උසාවියට ගෙන ගියේ ජනාධිපතිවරයාගේ තංගල්ලේ කාල්ටන් නිවසේ සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල ගලප්පත්ති මහතා අවධාරණය කර සිටී. 'ලංකා' පුවත්පත් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු ඒ බව සඳහන් කර ඇත.
''ජුලම්පිටිය අමරේ කියන්නේ මැදමුලනයේ රාජපක්ෂවරුන්ගේ රැකවරණ ලබාගෙන කටයුතු කරන පුද්ගලයෙක්. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ නමගිය අපරාධකාරයෙක් ඔහු කිපවරක් පෞද්ගලිකව මටත් තර්ජනය කර තියෙනවා. මිනී මැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ රැසක්ම කරලා තියනවා කියලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැමෝම දන්නවා.
ජුලම්පිටිය අමරේ කියන මෙම පුද්ගලයා පසුගිය දා මහාධිකරණයට බාර වෙලා තියෙන්නේ කටුවන ජවිපෙ රැස්වීමට වෙඩි තියලා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නෙමෙයි. ජුලම්පිටිය අමරේ කියන්නේ ඉතාම දරුණු ගණයේ අපරාධ කාරයෙක්. රාජපක්ෂවරුන්ගේ රැකවරණ ලබන පාතාල මැරයෙක්. ඔහුට එරෙහිව මිනී මැරුම් විසිගණනක් පිළිබඳව නඩු තියනවා. ඔහුට එරෙහිව වරෙන්තුවකුත් නිකුත් කරලා තියෙනවා. ඒ පරණ වරෙන්තුවකට අදාළව තමයි ඔහු බාර වෙලා තියෙන්නේ.
ඔහු බාර වුණෙත් තංගල්ල නගර සභාවේ හිටපු උපසභාපතිත් එක්ක ඇවිල්ලා. මේ අපරාධයෙන් ගැලවෙන්න තමයි ඔහු ඒ විදිහට බාර වුණේ. ඒ පරණ සිදුවීමට ඔහුට ඇප ලබාගැනීමේ හැකියාවක් තියනවා කියලා අපි හිතනවා. පොලිසියට ආත්ම ගෞරවයක් තිඛෙනවනම් ඔහු ඇප ලබාගෙන එළියට එනකොට මේ අපරාධය සම්බන්යෙන් ඔහුව අත් අඩංගුවට ගත යුතුයි. අපි නම් හිතන්නේ නැහැ ඒවාගේ දෙයක් සිද්ධ වෙයි කියලා.
ජුලම්පිටියේ අමරේව උසාවියට රැගෙන ගිහින් තියෙන්නෙත් 'කාල්ටන්' එකේ ඉඳලා. කටුවන සිද්ධියෙන් පස්සේ ඔහු දින කීපයක්ම එහි ඉඳලා තියෙනවා.''


Source - lankanewsweb.com

Share this article with your friends