Chitika Smowtion 468x60


Wednesday, June 13, 2012

ශෂින්ද්‍ර හැර සියලූ මහ ඇමතිවරුන් ඉවතට


කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්, ඌව පළාත් මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියලූම පළාත් සභා මහ ඇමතිවරුන් වෙනස් කිරිමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත පැවසීය.
2014 වසරේ අගදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව සොයා බලමින් සිටින ජනාධිපතිවරයා, ඊට පෙර තමන්ට වඩාත් විශ්වාසවන්ත මහ ඇමතිවරු පිරිසක් පත් කර ගැනීමට බලාපොරොත්තුව සිටී. මේ අනුව දකුණු පළාත් මහඇමතිවරයා ලෙස සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා පත් කර ගැනීමට ජනාධිපතිවරයා දැනටමත් තීරණය කර තිබේ.
තවද බස්නාහිර පළාත් මහඇමති ධූරය සඳහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බව වරාය නියෝජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පසුගිය සතියේ දැනුම් දී ඇත.
කෙසේ වුවද ඉදිරියේදී පැවැත්වෙන උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද සටනේදී සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයකු නම් නොකොට, ඒ සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ නියෝජිතයින් දෙදෙනෙකු පත් කර ගැනීමට ජනාධිපතිවරයා අදහස් කර සිටී.



Source - lankanewsweb.com

Share this article with your friends