Chitika Smowtion 468x60


Wednesday, June 13, 2012

ගෝඨා කැලණිය ඉල්ලයි. මර්වින් අනතුරක


ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට එකඟත්වය පළ කර ඇති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ඒ සඳහා තමාට කැලණිය ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ධුරය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිඛෙන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය. ප්‍රසිද්ධ දේශපාලනයට ඒම පසුගිය කාලය තුළ ප්‍රතික්ෂේප කර සිටි ගෝඨාභය මහතා, ජනාධිපතිවරයාගෙත්, ජනාධිපති ආර්යාවගෙත්, ජනාධිපති පුත්‍රයින් තිදෙනාගේ බලවත් ඉල්ලීම මත ඒ සඳහා එකඟත්වය පළ කර තිබේ.
එළෙඹෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා, ඊට පෙර ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අප මීට දින කිපයකට පෙර දී වාර්තා කළෙමු.
ගෝඨාභය රාජපක්ෂ මහතාට කැලණිය ආසන සංවිධායක ධුරය දීමට සිදු වුවහොත්, දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ සන්ධාන නායකයා ලෙස කටයුතු කර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා නැගෙනහිර පළාතේ සන්ධාන නායකයා ලෙස පත් කිරීමටද ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටී. බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය රජය සමඟ මනා සම්බන්ධීකරණයකින් යුතුව උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බැවින් ඔහු එම පළාතේ නායකයා ලෙස පත් කිරීම වඩාත් ඵළදායක හැකි බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ. එසේම උතුරු නැගෙනහිර කලාපය තුළ තමන්ට වඩාත් විශ්වාසවන්ත නොවන බැවින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා එම කලාපයේ ප්‍රධානියා කිරීමට සියලූ ආකාරයෙන්ම යහපත් බව ජනාධිපතිවරයා ඔහුගේ සමීපතම හිතවතුන් කීපදෙනෙකු සමඟ ඊයේ මහනුවර ජනාධිපති නිල නිවසේ සාකච්ඡා කර ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු කියා සිටියේ, ආරක්ෂක ලේකම්වරයා පසුගිය මාස කීපය පුරාම කැලණිය ආසනයේ කටයුතුවලට අනවශ්‍ය පරිදි අතපෙවීම් කරන බවයි. එහෙත් ආරක්ෂක ලේකම්වරයා කැලණිය ආසනයේ සංවිධායකවරයා වීමට අදහස් කර සිටින බවට මෙතෙක් වාර්තා වී නැතැයිද හෙතෙම කීය.
කෙසේ වුවද මර්වින් සිල්වා අමාත්‍යවරයාට එරෙහිව කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරයා උසිගන්වනු ලැබුවේ ආරක්ෂක ලේකම්වරයා බවත්, ඇමතිවරයාගේ හිතවතුන් කීපදෙනෙක්ම සුදු වෑන්වලින් පැහැරගෙන යෑමටත්, තවත් දෙතුන්දෙනෙකු මරා දැමීමටත් ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ බවට තහවුරු වී ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.
කුමන බලපෑම් පැමිණියද තම අමාත්‍යවරයාට ජනාධිපතිවරයාගේ සහ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ උපරිම සහය ලැබී ඇති බවත්, එම තත්ත්වය යටතේ කිසිවෙකුට හෝ මර්වින් සිල්වා ඇමතිවරයාව කැලණිය ආසනයෙන් ඉවත් කිරීමට නොහැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වුවද අප වෙත ලැඛෙමින් පවතින තොරතුරු අනුව මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සහ ඔහුට සමීප පුද්ගලයින්ට ආණ්ඩුවේ පාර්ශ්වයන් වෙතින්ම දැඩි අනතුරක් එල්ල වී තිබේ.



Source - lankanewsweb.com

Share this article with your friends