ශිෂ්‍ය ව්‍යාපාරය වඩා ප්‍රවේසම් විය යුතුව තිඛෙන්නේ වාමවාදී වෙස්වලාගත් සතුරන්ගෙනි.!
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානෙ ල්කම් - ටිල්වින් සිල්වා.!
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 04 වෙනි ජාතික සමුළුව පවත්වන්නට ලැබීම සමාජවාදී ශිෂ්‍ය සංගමයත්, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයත්, ජනතා විමුක්ති පෙරමුණත් ඇතුලූ සමාජවාදය පිළිබඳ අපේක්ෂාවෙන් සිටින සියල්ලන්ම ලැබූ ජයග්‍රහණයක්. ව්‍යවස්ථාපිතව සමාන්‍යයෙන් පවත්වන සමුළු ඉක්මවා ගිය වැදගත්කමක් මේ සමුළුවට අත්වෙනවා සමාජවාදය දිනාගැනීමේ අභියෝගයට මුහුණදීමේ අර්ථයෙන්. දෙවනුව මේ වනවිට සමාජවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිව දියත්වී තිබූ දැවැන්ත කුමන්ත්‍රණය පරාජයට පත්කර තිබීම නිසා. සමාජවාදී ශිෂ්‍ය සංගමය වල්මත් කරවීම සඳහා වූ කුමන්ත්‍රණ සියල්ල පරාජය කරමින් ජයග්‍රහණ ලැබීමෙන් ඔප්පු කර තිඛෙන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජනතා විමුක්ති පෙරමුණෙන් ගැලවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ රටේ ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් අතීතයේදී වගේම අනාගතයේදී සටන් වදිනවා.
ජනතා විමුක්ති පෙරමුණේ සතුරන් සියලූ දෙනා මැයි දින වේදිකාවක එකතුවී සිටින ආකාරය අපි දැක්කා. 1989 මර්දනයෙන් පසු 1994 වනවිට ජනතා විමුක්ති පෙරමුණේ නම කොල්ලකාගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර තිබුණා. ඒ පිටුපස සිටියේ අද උසස් අධ්‍යාපන ඇමති වෙලා ඉන්න එස්.බී. දිසානායක මහත්තයා, රෝහණ විෙජ්වීර සහෝදරයාගේ ඥාතිත්වයක් තිබුණ චන්ද්‍රා ප්‍රනාන්දු මහත්තයා වගේ අය. ජනතා විමුක්ති පෙරමුණ කියන නම මේ රටේ දේශපාලනයට ඉතා වැදගත් නමක්. ඒ නම නිර්මාණය වුණේ අති දැවැන්ත කැපකිරීම්වල ප්‍රතිඵලයක් විදියටයි. 1994 වනවිට දියත්වී තිබුණේ මේ නම කොල්ලකා ගැනීමේ දෙවැනි කුමන්ත්රණයයි. ඉන් පසු පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් පමණ වනවිට ජනතා විමුක්ති පෙරමුණ කොල්ලකා බලය අල්ලා ගැනීමේ කුමන්ත්රණකාරී කල්ලියක් කි‍්‍රයාත්මක වෙමින් තිබුණා. මාස කිහිපයක් ඇතුලත ඒ කුමන්ත්‍රණය සම්පූර්ණයෙන් පරාජය කිරීමට හැකිවුණා. ඉන් පසුසේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නම කොල්ලකෑමට මේ කුමන්ත්රණකාරී කල්ලිය කටයුතු කළා. කුමන්ත්රණකාරීන්ගේ සියලූ උත්සාහයන් අවසාන වශයෙන් පරාජයට පත්කර මේ සමුළුව පැවැත්වීමට හැකිවී තිඛෙනවා.
කුමන්ත්‍රණ පරාජයට පත්කළද කුමන්ත්‍රණවල නටබුන් තැන තැන සැඟවී තිබී ඉදිරි කි‍්‍රයාමාර්ගවලට බාධා කිරීමේ හැකියවා තිඛෙනවා. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිවත් සමාජවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිවත් දියත් කළ කුමන්ත්‍රණය මහා දැවැන්ත එකක්. ඒ ගැන ඇතැම් තොරතුරු තවමත් හෙළිවෙමින් තිඛෙනවා. කුමන්ත්‍රණය පටන් ගන්නා විට ඔවුන් පෙනී සිටියේ රැඩිකල් වාමාංශික පිරිසක් හැටියටයි. ජනතා විමුක්ති පෙරමුණ විප්ලවය නොකරන නිසා එය කිරීමට කැපවූ පිරිසක් ලෙසයි. නමුත් මාස කිහිපයකින් තහවුරු වූයේ දුෂ්ඨ අවස්ථාවාදී කණ්ඩායම් එක්ක කටයුතු කරන ආකාරයයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ තියෙන බව හෙළි වුණා. මේ පිටුපස ඕස්ටේ්රලියාව කි‍්‍රයාත්මක වන බව හෙළිවුණා. 1995-96 විතර කාලයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අටවාගත් ප්රතිවිප්ලවකාරී ජනවිමුක්ති සහයෝගිතා පෙරමුණේ නම යටතේ අපේ පක්ෂයට එරෙහි කුමන්ත්රණකරුවන් මැතිවරණ කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචි වුණා. ජනවිමුක්ති සහයෝගිතා පෙරමුණේ නායක ආචාර්ය කමල් කරුණාදාස ජීවත් වන්නේත් ඕස්ටේ්රලියාවේ. මේ දේශපාලන සම්බන්ධතා අපි නිවැරදිව තේරුම්ගත යුතුයි. මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය ධනපති ක්‍රමයට හීලා වූ සමාජවාදය සඳහා සටන් නොකරන තත්වයට පත්කිරීමේ කුමන්ත්‍රණ මේ සියලූ දෙනා එකතු වී දියත් කර තිබුණා. නමුත් අනාගත සමාජවාදී විප්ලවයේ ගිණිසිළුව ශිෂ්‍ය ව්‍යාපාරය බව තහවුරු කිරීමේ අවස්ථාව අද ලැබී තිඛෙනවා.
ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව කුමන්ත්‍රණ කල්ලි කණ්ඩායම් පැත්තෙන්, ස්වාධීන යැයි කියාගන්නා ශිෂ්‍ය ව්‍යාපාර පැත්තෙන් පැමිණිය හැකියි. මේ සියල්ල පරාජයට පත්කර නිදහස් අධ්‍යාපනයේ අයිතිය සැබෑ ලෙසම තහවුරු කළ හැකි සමාජවාදී පරිවර්තනයක් සඳහා කි‍්‍රයාකිරීමේ අධිෂ්ඨානයෙන් යුතුව අද සිට නව සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමට කි‍්‍රයාකිරීමේ වගකීම තිඛෙනවා. කම්කරු පන්තිය, ගොවිජනතාව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ධීවරයන්, තරුණයන්, කාන්තාවන් ඇතුළු සියලූ දෙනා තම තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා. නමුත් මේ කාගේත් අරගලයට හේතුකාරක වී තිඛෙන්නේ අධිරාජ්‍යවාදයත් ධනවාදයත් බව අපි දන්නවා. මේ නිසා අපි සැමදෙනාගේම සතුරා අධිරාජ්‍යවාදය සහ ධනවාදය. මේ සියලූ සටන් ඒකාබද්ධ කර ජයග්‍රහණය කිරීමේ වගකීම අපිට තියෙනවා. මේ යුගයේ ධනවාදය පවත්වාගෙන යන කිසිම පාලකයෙකුට අධිරාජ්‍ය විරෝධී වෙන්න බෑ. ඔවුන් සියලූ දෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අධිරාජ්‍යවාදී ගැත්තන්. අපේ රටේ අධ්‍යාපනය කප්පාදු කිරීමේ යෝජනාව එන්නේ කොහෙන්ද? උසස් අධ්‍යාපනයේදී එස්.බී. දිසානායකත් අධ්‍යාපනයේ දී බන්දුල ගුණවර්ධන යන බාන කි‍්‍රයාත්මක කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ නියෝග. අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රතිපත්ති හදුන්වාදෙන මූලයන්ට විරුද්ධව අපි සටන් කළ යුතුයි.
මේ ආර්ථීකයේ සම්පත් පාලනය කරන්නේ අධිරාජ්‍යවාදීන්. ලංකාවේ ආර්ථීකය සතු හොඳම සම්පත් මේ මොහොතේ තිඛෙන්නේ විදේශීය සමාගම් සතුවයි. ලංකාවේ ඕනෑම ඉදිකිරීමක් කරන්නේ විදේශීය සමාගම්. කල්පිටියේ දූපත් ඇතුළු වෙරළ තීරයේ වටිනාම ඉඩම් විදේශීය සමාගම්වලට විකුණලා. වටිනාම කෘෂිකාර්මික ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණලා. ඇමරිකාවේ ඩෝල් සමාගමට කෙසෙල් වවන්න ඉඩම් විකුණුවා. පැලවත්තේ ඉඩම් විකුණුවා. රටේ සම්පත්වලින් ලාභ ලබන සියල්ල දී තිඛෙන්නේ ඉන්දියාවට නැත්නම් ඇමරිකාවට. අපේ රටේ ජනතාව බදුබර දරාගෙන දඩ ගෙවාගෙන ණය බර දරාගෙන ආණ්ඩුව නඩත්තු කරනවා. සාම්පූර්වල ඉදිකරන ඉන්දියානු බලාගාරයට අවුරුදු 25ක බදු සහනයක් ලබාදී උදාහරණයක්. ජනතාවගේ විදුලි බිල වැඩිකර බරපටවන අතර විදේශීය සමාගම්වලට විවිධ සහන ලබාදෙනවා. මේ රටේ ජනතාව සියලූ බර දරන අතර ප්රතිලාභ ලබන්නේ අධිරාජ්‍යවාදී සමාගම්.
ධනවාදය තුළ තිඛෙන ලොකුම ප්රශ්නය ඇති නැති පරතරයක් තිබීමයි. මේ යටතේ දේපොළ අයිති සුළු පිරිසක් වගේම දේපොළ අයිති විශාල පිරිසක් ඉන්නවා. මේ තත්වය අධ්‍යාපනය තුළටත් ඇතුල් කිරීමට දැන් උත්සාහ කරමින් ඉන්නවා. තුන්ලක්ෂයක් පාසල් අධ්‍යාපනයට ඇතුල් වුණත් 20,000කට උපාධිය ලබාදෙන්නේ අධ්‍යාපනයේ සම අයිතිය අහිමි කිරීමටයි. ධනවාදය වෙනස් කර අධ්‍යාපනයේ සම අයිතිය හැමදෙනාටම ලබාදීමේ සටනේ ඉදිරියෙන්ම සමාජවාදී ශිෂ්‍ය සංගමය සිටිනවා. මුළු ලෝකයම අර්බුදයට ගිහින් තියෙන වෙලාවක ලංකාවේ තත්වයත් බරපතල අර්බුදයකට පත්වෙලා. ඒ නිසා අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සේවාවන් කප්පාදු කරමින් තිඛෙනවා. මේ තිඛෙන දේශපාලන තත්වය අපි හරියට තේරුම් ගන්න ඕනෑ. මාවෝ සේතුං එකවෙලාවක කියා තියෙනවා අධිරාජ්‍යවාදය කියන්නේ කඩදාසි කොටියෙක් බව. අපේ රට තුළ අධිරාජ්‍යවාදය කි‍්‍රයාත්මක වෙන්නේ මේ රටේ ධනපති පාලකයන් හරහා ඒ නිසා අධිරාජ්‍යවාදය පරද්දන්න නම් ඔවුන්ගේ නියෝජිතයින් වූ මේ රටේ පාලකයන් පරාජයට පත්කළ යුතුයි. සමහර මහත්වරු ටිකක් ඉන්නවා අධිරාජ්‍යවාදය පරාජය කිරීමට කැමති බව පෙන්නමින් ධනපති ආණ්ඩු ආරක්ෂා කිරීමට කැපවී කි‍්‍රයාකරන. මේක හරියට කැලේ දකිනවා ගස් නොදකිනවා වගේ.
අධිරාජ්‍යවාදයත් ධනවාදයත් පරාජය කිරීමේ සටනේදී අපට කෙළින්ම අධිරාජ්‍යවාදය මුණගැහෙනවා වෙනුවට සහායක බලඇණි හමුවෙනවා. මිලට ගත්තු කණ්ඩායම් ප්රතිගාමී කණ්ඩායම් විවිධ කුලී කණ්ඩායම් විවිධ වෙස්මුහුණු දාගෙන එන සහායක බලඇණි අපි නවැරදිව තේරුම් ගන්න ඕනෑ. මේ සහයක බලඇණි සතුරා ලෙසින් එනවා වෙනුවට වමේ වෙස් මුහුණු දාගෙන එනවා. අපි යොදාගන්න සටන් පාඨම යොදා ගන්නවා. විවිධ ආකාරයෙන් අපි සමග සමානකම් පෙන්වනවා. ඒ සමානකම් පෙන්වා වමේ ව්‍යාපාරය කෙරෙහි තියෙන විශ්වාසය බිඳදමනවා. මේ ආදී වූ වමේ ව්‍යාපාරය හෙළිදරව් කරන දුර්වල කරන කිසියම්වූ කි‍්‍රයාමාර්ගයක් ගන්නා උදවිය ඉටුකරමින් ඉන්නේ සතුරන්ගේ වුවමනාව. ශිෂ්‍ය ව්‍යාපාරය වඩා ප්‍රවේසම් විය යුතුව තිඛෙන්නේ පෙනෙන සතුරාගෙන් නොවේ. වාමවාදී වෙස්වලාගත් සතුරන්ගෙනි.
පීඩාවට පත්වී සිටින සියලූ ජනතාව එක කොඩියක් යටතේ ඒකරාශී කර සටන් කි‍්‍රයාමාර්ග ගත යුතුයි. ධනපති පන්තිය සහ අධිරාජ්‍යවාදීන් බියට පත්වෙන්නේ අරගලවලට නොවේ. වමේ විප්ලවවාදී නායකත්වයෙන් අරගල ඒකාබද්ධ වනවාට. මේ ක්‍රමය ආරක්ෂාවන හුදකලා අරගලවලට ඔවුන් කැමතියි. නමුත් අපේ වගකීම වන්නේ සියලූ බලවේග එක මධ්‍යස්ථානයකට එකතු කර නායකත්වය දීමයි. ඒ සඳහා නිර්මාණය කළ පළල්ම පෙරමුණ වශයෙන් අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පිහිටවූවා. අධිරාජ්‍යවාදයට එරෙහිව ගිණි අවුලවන බලවේගය බවට ශිෂ්‍ය ව්‍යාපාරය පත්වන බව අපට විශ්වාසයි.
ශිෂ්‍ය අරගලවලට සීමා නොවී පොදුවේ ජනතා අරගලවලට මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය දායකත්වය ලබාදී තිඛෙනවා. ඔවුන් ශිෂ්‍ය කේන්ද්‍රීය අරගලවලින් මිදී කි‍්‍රයාකළ අවස්ථා ගණනාවක් තිඛෙනවා. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පළවෙනි ලේකම් බවට පත්වූ ශාන්ත බණ්ඩාර සහෝදරයාගේ නායකත්වයෙන් 1978 ජනතාවගේ සහල් සලාකය අහෝසි කිරීමට විරුද්ධව අරගල කළා. ඒ නිසා ශාන්ත බණ්ඩාර සහෝදරයාගේ ශිෂ්‍ය බාවය අහෝසි කළා. සමාජවාදී ශිෂ්‍ය සංගමය පොදු ජනතාවගේ අරගලවලට මැදිහත්වී කැපකිරීම් කළ සංවිධානයක්. ඒ ගෞරවය ඔබට තිඛෙනවා. 1988, 89 යුගයේ දේශප්‍රේමී අරගලය ඇතිවූ අවස්ථාවේ පෙරමුණේ සටන් කළේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. එදා කම්කරු පන්තියත් එක්ක එකතු වී ඒ අරගලය දියත් කළා. සමාජවාදී ශිෂ්‍ය සංගමය ඉතිහාසයේ අරගල කළේ පටු අරමුණු වෙනුවෙන් නොවේ. ඒ කීර්තිමත් අතීතය තුළින් ආදර්ශ ගෙන හෙට දවසේ දැවැන්ත කාර්යභාරයක් කිරීමට තිඛෙනවා. පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ඇතුළු නිදහස් අධ්‍යාපනය අහෝසි කරන සියලූ බලවේග පරාජයට පත්කළ යුතුයි. සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහෝසි කරන සියලූ බලවේගවලට විරුද්ධව අරගල කළ යුතුයි. ඒ අරගලය දුර්වල කරන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙන් බිඳ දැමීමේ කුමන්ත්‍රණ හදුනාගෙන පරාජය කළ යුතුයි. ඔබ ඉදිරියේ පවතින්නේ විශාල අභියෝගයක්.
මේ මොහොතේදී ඔබ ලබාතිඛෙන්නේ විශාල ජයග්‍රහණයක්. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ බලය මේ ශාලාව පුරා විහිදී තිඛෙනවා. ජනතා විමුක්ති පෙරමුණට ශිෂ්‍ය ව්‍යාපාරයේ බලයක් නැහැයි කියලා කවුරුන් හෝ කියනවානම් ඔවුන්ට වැරදී ඇති බව ඔබ ඔප්පු කර තිඛෙනවා. අනාගතයේ ජයග්‍රහණ ලබාගත හැකි බව ඔබ මෙයින් ඔප්පු කර තිඛෙනවා. අතීත ආදර්ශ සමග අනාගතය වෙනුවෙන් සටන් වැදී ජයග්‍රහණ ලබාගත හැකියි. අපි හැමෝටම තිඛෙන්නේ එකට ඇත්වැල් බැඳන් ජයග්‍රහණය කළ හැකි අරගලයක්. ඒ අරගලයේ ජයග්‍රහණ දක්වා නොසැලී පෙරට යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය තිඛෙන බව ඔප්පු කර තිඛෙනවා. විවිධ ආකාරයේ කුමන්ත්‍රණ, මර්දන මැද්දේ සමාජවාදය විශ්වාසය කරන ජනතාවට ජයග්‍රහණ ලබාදීමේ අරගලය ජනතා විමුක්ති පෙරමුණ දියත් කර තිඛෙන අතර සමාජවාදී ශිෂ්‍ය සංගමය එහි කාර්යභාරය නිවැරදිව ඉටුකර තිඛෙනවා. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේ එකම නායකයා සමාජවාදී ශිෂ්‍ය සංගමය පමණක් බව තහවුරු වී තිඛෙන නිසා වෙහෙසවී වැඩ කිරීමට සිදුවී තිඛෙනවා. කැපකිරීම් සම්බන්ධයෙන් උපරිම ආදර්ශයන් අපේ ඉතිහාසයේ තිඛෙනවා. ඒ සියල්ල තුළින් ශක්තිය ධෛර්ය ලබාගෙන ධනවාදයත් අධිරාජ්‍යවාදයත් පරාජයට පත්කර සමාජවාදය ජයග්‍රහණය කිරීමේ අරගලයේදී සියලූ බලවේග ඒකාබද්ධ කළ මධ්‍යස්ථානයේ ශිෂ්‍ය ව්‍යාපාරයට විශේෂ කාර්යභාරයක් තිඛෙනවා. ඒ කාර්යභාරය ඉටුකරමින් අපි ප්‍රාර්ථනා කරන ප්‍රභාෂ්වර සමාජය නිර්මාණය කිරීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය සමාජවාදී ශිෂ්‍ය සංගමය දරන බව ස්ථීරයි. ඉගෙන ගනිමින් සටන් කරන්න. සටන් කරමින් ඉගෙන ගන්න අවසානයේ අපේ දෑත්වලින් අපේ දෑස් ඉදිරිපිට ජයග්‍රහණය නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලබාගන්න.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස
සමාජවාදී ශිෂ්‍ය සංගමෙය් 04 වෙනි ජාතික සමුළුව පවත්වන්නේ රටේත් ලොක්යේත් දේශපාලනයේ ඉතාම වැදගත් අවස්ථාවක. එක පැත්තකින් ලෝකය පුරා ධනවාදයේ කේන්ද්‍රයෙන් ආරම්භ වෙලා ධනවාදය කඩාවැටෙමින් තියෙන අවස්ථාවක. අධිරාජ්‍යවාදීන් මෙම ක්‍රමය කෙටි කාලයකට හෝ පවත්වාගෙන යන්න කරන්න තියෙන සියලූම දේවල් කරන්න උත්සාහ දරන වෙලාවක. ඒ අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රතිපත්ති ගෙඩි පිටින් ගිලලා අපේ රටේ ආර්ථීකය ඉදිරියට ගෙනියන්න රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ දරමින් ඉන්න වෙලාවක. අධිරාජ්‍යවාදීන් තමන්ට එරෙහිව එන බලවේග දුබල කරන්න බේද බින්න කරන්න මතවාදයන් බොඳ කරන්න, අධිරාජ්‍යවාදීන්ගේ නියෝජිතයින් වමේ පක්ෂ තුලට රිංගවමින් ඉන්න අවස්ථාවක.
අපි කියන්න ඕනෑ ධනවාදී හෝ වමේ හෝ පක්ෂවලට ඔවුන්ගේ තරුණ ශිෂ්‍ය ව්‍යාපාර තිඛෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, රටේ තරුණ ව්‍යාපාරයන් මර්දනය කරන්න උත්සාහ කරපු එක්සත් ජාතික පක්ෂයට වගේම වමේ යැයි කියා ගන්නා කුඩා කුඩා පක්ෂවලට තරුණ ව්‍යාපාර ශිෂ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරයේ අයිති වන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. රෝහණ විෙජ්වීර සහෝදරයා තාවකාලික මධ්‍යම කමිටුවේ තීරණයක් අරගෙන තමයි මේ ශිෂ්‍ය ව්‍යාපාරය හැදුවේ. මෙය රෝහණ විෙජ්වීර සහෝදරයා විසින් නම් කරන ලද ශිෂ්‍ය ව්‍යාපාරය. ඒ නිසා ඒ ව්‍යාපාරය වෙන කිසිවෙකුටත් අයිති කරගන්න අපි ඉඩ තියන්නේ නැහැ. ධනපති හෝ වමේ දේශපාලන පක්ෂවලට තමන්ගේ තරුණ හෝ ශිෂ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්න අයිතිය තිබුණට වෙනත් අයට අයිති ශිෂ්‍ය ව්‍යාපාර හෝ නම් අයිති කරගන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ තමයි අපේ උරුමය. මෙය නිකන් ඉදල උරුම කරගත්ත දෙයක් නොවෙයි. නිදහස් අධ්‍යාපනය රැක ගන්න, අපේ රටේ නිදහස දිනාගන්න ජනතා විමුක්ති පෙරමුණට වගේම ශිෂ්‍ය ව්‍යාපාරයටත් දිවි පුදන්න සිද්ද වුණා. පරිත්‍යාගයන් කැපකිරීම් කරන්න වුණා. එවැනි අභිමානයක්, පෞර්ෂයක් ඇති ශිෂ්‍ය ව්‍යාපාරයක්. ඒ අතීතය කාටවත් උරුම කර ගන්න බැහැ. මරණය පෙනි පෙනී, තමන්ගේ අත් පා කපා දමද්දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් තමන්ගේ උරුමය පාවාදුන්නේ නැහැ. ඒ නිසා තමයි වෙනුර එදිරිසිංහ සහෝදරයා සිරකුටියේ තමන්ගේ ඇගිල්ලෙන් වෑහෙන රුධිරයෙන් ලිව්වේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම අපගේ උරමත පැටවූ වගකීමක් කියලා. මේ රටේ නිදහස රැකගන්න නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්, ජාතික සංවිධායකවරුන්, සමාජිකයින් දහස් සංඛ්‍යාවක් ඝාතනයට ලක්වුණා. ජීවිත පරිත්‍යාග කළා. අතීත සොහොයුරන් අපට ලබාදුන් ඒ උරුමය රැකගැනීමට ඉදිරියට රැගෙන යාමට අපිට වගකීමක් තියෙනවා. මේ රැස්වෙලා ඉන්න උදවිය ඒ අභියෝගය ජයගත් පිරිසක් කියලා අපිට විශ්වාසයි.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අරමුණ සමාජවාදී ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීමයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ තම පංති බලවේග එකතු කරද්දී ඒ සඳහා ශිෂ්‍යන් සංවිධානය කිරීමයි අපේ වගකීම වෙලා තියෙන්නේ. ඒ අරමුණ වෙනුවෙන් ආරම්භයේ සිට වැඩ කරලා තියෙනවා. රටට එල්ල වෙලා තියෙනවා අධිරාජ්‍යවාදී බලපෑමක්. දේශපාලන ආර්ථීක ෙකෂ්ත්‍රයට එම බලපෑම් එල්ල වෙලා. ඒ බලපෑමෙන් අධ්‍යාපන ෙකෂ්ත්‍රය ගැලවිලා නැහැ. ලෝක බැංකුව මූල්‍ය අරමුදල හරහා බලපෑම එල්ල වෙලා. ඒ නිසා තමයි ලෝක බැංකුව මගින් රාජපක්ෂ ආණ්ඩුව ඩොලර් මිලියන 600ක් ගන්න කොට කොන්දේසි අනුව තමයි අධ්‍යාපනයට වෙන් කරන මුදල් අඩු කරන්නේ. අයවැයෙන් වෙන් කරන්නේ 1.86%ට. ඉතිහාසයේ අඩුම අගය 2011 අවුරුද්දේ. රිගේනින් ශී‍්‍ර ලංකා කි‍්‍රයාත්මක කරපු වික්‍රමසිංහ මහත්තයත් ඊට මදක් වැඩියෙන් වෙන්කළා. ඒ පාපයෙන් ගැලවෙන්න රාජපක්ෂ ආණ්ඩුව බෑ. ආසියානු කලාපේ අධ්‍යාපනයට අඩුවෙන්ම වෙන්කරන්නේ ශී‍්‍ර ලංකාව. මූල්‍ය අරමුදල ඉස්සරහ දණගහලා. සපිරි පාසල් ප්‍රොඩාව ගේන්නේ ඩොලර් මිලියන 600ක් ගන්න. ඒ මුදල ඉවර වුණාම ආණ්ඩුව තවත් ඩොලර් මිලියන 500ක් ගන්න හදනවා. එහි කොන්දේසිය තමයි හැකි ඉක්මනින් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගේන එක.
ඒ වගේම තමයි රටේ ඉඩම් වගේ විශ්වවිද්‍යාල පද්ධතියට අයත් ඉඩම් විකුණන්න ආණ්ඩුව දැන් කි‍්‍රයාකරමින් ඉන්නවා. රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ ඉඩමෙන් කොටසක් ඉන්දියාවේ ඇට්ලන්ටෙක් කියන සමාගමට බදුදෙන්න එස්.බී ඇමතිවරයා කැබිනට් මණ්ඩල පති‍්‍රකාවක් ගෙනාවා. අවුරුදු 99කට. සුඛෝපභෝගී මහල් නිවාස හදන්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හන්තාන කොටස් ඉඩමක් විකුණලා තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හදන්න. ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කොටසක් බදුදෙන්න යනවා. ඒ නිසා අධ්‍යාපනයත් මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවෙලා ඉවරයි. එයින් ගැලවීමක් නෑ. ඒ නිසා අපිට අභියෝගයක් තියෙනවා.
ඒ අතරේ අපේ රටේ ඇමතිවරයෙක් කියනවා නිදහස් අධ්‍යාපනය තමයි හැමදේටම මූලික වෙලා තියෙන්නේ එය රැකගැනීම අපේ යුතුකමය කියලා. ඒ ඇමතිවරයාම ඉන්න කැබිනට් මණ්ඩලේ තමයි අපේ ඉඩම් පිටරට කොම්පැනිවලට දෙන්න කැබිනට් පත්‍රිකාව ගෙනාවේ. ඒකේ තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනාවේ. ඒකේ තමයි මාලඹේ විශ්වවිද්‍යාලයට අනුමැතිය දුන්නේ එස්.බී. යෝජනා කරලා. ඒකයි අපි කියන්නේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම අධිරාජ්‍ය විරෝධී අරගලයේ කොටසක් කියලා.
අපේ රටේ ආර්ථීකය, ආරක්ෂාව සහ තරුණ කටයුතු භාරව ඉන්නේ ඇමරිකන් පුරවැසිභාවය තියෙන තුන්දෙනෙක් නම් එවැනි රටක අනාගතය කුමක් වෙයිද? එවැනි රටවල් තියෙන්නේ දෙකයි. එකක් අපේ රට. අනෙක ඇමරිකාව. අපේ රටේ වැදගත් අමාත්‍යාංශ 03ක් බාරව ඉන්නේ ඇමරිකන් පුරවැසියො නම් අපි කොහොමද අධිරාජ්‍යවාදී බලපෑමෙන් ගැලවෙන්නේ. ඒ නිසා සමාජවාදී ශිෂ්‍ය සංගමයට වගකීමක් තියෙනවා අධිරාජ්‍ය විරෝධී සටනට මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට බලවේග එකතුකර ගැනීමට. අපිට රෙජීම් චේන්ජ් එකක් ඕනෑ. ඒවගේම සිස්ටම් චේන්ජ් එකකුත් ඕනෑ. ඒ සඳහා මූලිකත්වය ගත යුතුයි.
සහෝදර සහෝදරියෝ දැක්කා පහුගිය දවස්වල ශිෂ්‍ය ව්‍යාපාරය බේදභින්න කරන්න, ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්තිය දුර්වල කරන්න විවිධ සටන් ආවා. අධිරාජ්‍යවාදය සමග, ධනවාදය සමග, රාජපක්ෂ ආණ්ඩුව සමග හැප්පෙන්න ඕන වෙලාවක ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්තිය සමහර විශ්වවිද්‍යාලවල උපකුලපතිලව එලවන්න යොදගෙන සටන් ආරම්භ කළා. ඒ මාලඹේ වෛද්‍යවිද්‍යාලය ගේන්න පනත් කෙටුම්පත් හදන වෙලාවේ. ඒ නිසා අපට අවශ්‍ය වෙලා තියෙනවා ශිෂ්‍ය ව්‍යාපරයේ බලය වැඩකරන ජනතාව, අනෙකුත් බලවේග සමග එකතු කරලා එක තැනකට යොදවන්න.
මේ අධ්‍යාපනයේ පරිහානියට අධිරාජ්‍යවාදීන් වගේම අපේ රටේ ආණ්ඩුවත් වගකියන්න ඕනෑ. අඩුම තරමේ උසස්පෙළ ඉහළින් සමත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයේ තමන් කැමති පාඨමාලාවක් හදාරන්න අවස්ථාවක් නැහැ. ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව, නොහැකියාව ශිෂ්‍යන්ට එම අවස්ථා අහිමි කරලා තියෙනවා. ඒ වගේම දැන් විශ්වවිද්‍යාල පද්ධතියේ අර්බුදයක් පැනනැගිලා තියෙනා. ප්‍රතිපාදන කපනවා. පඩි වැඩිකරන්නේ නැහැ. අනධ්‍යන සේවකයින් උද්ඝෝෂණයට බැහැලා. විශ්වවිද්‍යාල වහලා දමලා. අපි කියනවා වහාම අනධ්‍යන සේවකයින්ගේ පඩි වැඩිකරන්න කියලා. ඇමතිවරුන්ගේ පඩි කැමැති කැමැති වෙලාවට වැඩකරන්න පුළුවන්නම්, සංස්ථා සභාපතිවරුන්ට ලක්ෂ ගණන් දෙන්න, ඇමතිවරුන්ට ලෝකෙ වටේ සංචාරය කරන්න, කෝටි ගණන් විදයම් කරලා ඉන්දියාවේ නිළියෝ ගෙනල්ලා කානිවල් කරන්න පුළුවන්නම් අනධ්‍යන සේවකයන්ට පඩි වැඩිකරන්න බැරි ඇයි. එය කරන්න ඕනෑ. එහෙම කරලා විශ්වවිද්‍යාල පද්ධතිය නැවත ආරම්භ කරන්න ඕනෑ. ආචාර්යවරුන්ගේ 6% වැටුප් ඉල්ලීමක් තියෙනවා. කේවල් කරනවා, සාකච්ඡා කරනවා. කතා නොවෙයි. විසඳුම් තමයි ඕනෑ. විශ්වවිද්‍යාල ඇරලා තියාගන්න ඕන නම්. එස්.බී. කියන්නේ අපේ රටේ උසස් අධ්‍යාපන ඇමති නෙවෙයි. ඔහුට අපේ විශ්වවිද්‍යාල ගැන වගේ වගක් නැහැ. ඔහුට තිඛෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල හීනය.
ඒ නිසා අපට සටනක් තියෙනවා. විශ්වවිද්‍යාල ඇතුලේ. උතුරේ නැගෙනහිර සංවිධානය වෙලා රටේ සියලූ තැන්වල බලය මේ සටන වෙනුවෙන් යොදන්න. ශිෂ්‍යයින් දැනුවත් කරන්න. ශිෂ්‍ය ව්‍යාපාරය පෙළගස්වන්න. ඒ වෙනුවෙන් තමයි අපි තීන්දු ගත්තේ. යෝජනා සම්මත කරගත්තේ. අපේ කාර්යභාරය පිළිබඳ ඇගයීමක් අපට ලැබුණා. ආසියානු පැසිෆික් කලාපයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ භූමිකාව අපි මැනවින් ඉටුකරමින් ඉන්නවා. ඒ නිසා මේ ජාතික සමුලූවේදී අපි ගත්ත ශක්තිය, සියලූ හැකියාවන් වඩ වඩා ඉදිරියට ගෙන ගොස් අධිරාජ්‍යවාදයේ අභියෝගයට ධනවාදී ආණ්ඩුවේ අභියෝගයට මුහුණ දෙන්න ඕනෑ. එය අපේ වගකීම. ආණ්ඩුව හදනවා ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න හදනවා. උතුරේ නම් තවපාලන් සහෝදරයාට පහර දෙනවා. දකුණේ නම් එය පන්ති තහනමේ සිට සිරගතකිරීම් දක්වා කි‍්‍රයාත්මක කරනවා. ආණ්ඩුවේ උදව් ලබන පිරිසක් අන්තර් විශ්වවිද්‍යාලය තහනම් කරන්න යනවා. එය අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශාල කාර්යබාරයක් කරපු බහුජන සංවිධානයක්. නිදහස් අධ්‍යාපනය රැකගන්න, සමාජවාදී ශිෂ්‍ය සංගමය වගේම අන්තරය බහුජන පෙරමුණේ වැඩකරමින් සිටියා. කිසිවිටෙක එය මර්දනය කරන්න ඉඩ දෙන්නේ නෑ. පාසලේ විශ්වවිද්‍යාලයේ සහෝදර සහෝදරියන් මේ අභියෝගය තේරුම්ගෙන මේ සමුළුවේ ලබාගත් ජවයත් සමග පෙරට යමු.
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ
2012.06.12