Chitika Smowtion 468x60


Wednesday, June 13, 2012

කැබිලිත්ත දේවාලයේ හාස්කම් අඩුවේ!

දශක කිහිපයකට පෙරදී කුමණ වනොද්‍යානය තුළ සිටි ගොවිජනතාව කතරගම දෙවියන් වන්දනාමාන කිරීමට කුමණ ගම්මානයට තරමක් නුදුරින් පිහිට කුඹුක්කන්ඔය අසළ බකිණිගහක් තෝරා ගෙන තිබුණි.

තම ජිවිතයේ සෑම කටයුත්තකදීම මෙම බකිණිගහ අසලට පැමිණ කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සාමාන්‍ය සිරිත විය. ඕකන්‍ද දේවාලයට යාමට විශාල දුරක් පවතින නිසා තමන්ගේ පිහිට ආරක්‍ෂාවට කතරගම දෙවිදුන් මෙම බකිණිගහට වඩින බව එම ජනතාවගේ විශ්වාසයක්ව තිබිණි.

පසුකාලීනව මෙම ස්ථානයේ කුඩා දේවාලයක් තනා ඇත. මඩමෙතොට දේවාලය හෙවත් "කුඩාකැබිලිත්ත" දේවාලය ලෙස හදුන්වනු ලබන්නේ මෙම බකිණිගහ පිහිටා තිබූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. අද මෙම ස්ථානයේ පූජාවන් සදහා අක්කරපත්තුව, පොතුවිල්, වාලච්චේන ආදී දුර බැහැර ප‍්‍රදේශවලින් හින්දු බැතිමත්හු පැමිණෙති.



මෙම දේවාලයට යන ගමන පරෙස්‌සමින් යා යුතුය. අත් වැරදි කට වැරදි සිදු නොවීමට වගබලා ගත යුතුය. මෙසේ නොකර නොමනා හැසිරීම්වල යෙදී එහි ගිය අය පිළිබඳව නොයෙක්‌ අසුබ සිදුවීම් ද අසන්නට ලැබේ.දේවාලයට යාමට මාසයකට ප්‍රථම මස් මාංශ අනුභව නොකට පේ විය යුතුය.

අතීතයේ පිරිමි පාර්ශවයට පමණක් මෙම දේවාලය වන්දනාමාන කිරීමට අවස්ථාව තිබූ නමුත් මෑත භාගයේ සිට කාන්තා පාර්ශවයද එම පුද සත්කාර වලට සහභාගී වීම නිසා එම දේවාලයේ හාස්කම් අඩුවීගන යන බව එම දේවාලයේ කපුමහත්වරු පවසනවා.

කැබලිත්ත දේවලය වැඳීමට පැමිණෙන කාන්තාවන් හට නොයෙක් අකරතැබ්බයන්ට මුහුනපෑමට සිදුවී ඇති බව පැවසෙන අතර කාන්තාවන් පැමිනෙන්නේ නම් ඉතා පිරිසිදුව පේවී සහභාගීවන්නේ නම් විඳීමට සිදුවන කරදර පීඩාවන් අවම කරගත හැකි බවයි ඔවුන් පවසන්නේ.

පසුගියදා විමල් වීරවංශ මහතාගේ භාර්යාව කැබලිත්ත දේවාලය වැඳීමට ගොස් රාත්‍රියක් පුරා අතරමන්වූ අතර ඇයව සොයාගනු ලැබුවේ පානම හා කොටියාගල ප්‍රදේශවලින් වනාන්තරයට පොලිස් කණ්ඩායම් දෙකක් යාල වනයට ඇතුල්වීමෙනි. 












Source: http://www.gossip9.com/2012/06/blog-post_1292.html#ixzz1xfOTqpuE

Share this article with your friends