Chitika Smowtion 468x60


Thursday, June 14, 2012

සහේලිට ජනපති මැඳුර තහනම් කතාව බොරුවක්ලු

ආයුබෝවේවා ගීතය ගායනාකරමින් ප්‍රසිද්ධියට පත්වූ සහේලි රෝචනා ගමගේට ජනාධිපති මංදිරයට යෑම ජනාධිපත් ආර්යාව විසින් තහනම් කර ඇති පුවතක් පසුගිය කාලයේ පුවත්පතක් මඟින් කියවුණා.

ඒ පිළිබඳව ඇය පුවත්පතකට පවසා තිබෙන්නේ මෙලෙසින්

ආයුබෝවේවා ගීතයට පසු ඔබ ගායනය කල ගීත වෙනත් කිසිවක් ජනතාව අතරට ගියේ නැහැ නේද?
ආයුබෝවේවා ගීතය තරම් වෙනත් ගීත ජනප්‍රිය වුනේ නැතිවුනාට මම තව ගීත ගනනාවක් ගායනය කරලා තියනවා. මාධ්‍ය ආයතන වලටත් දීලයි තියෙන්නේ. ප්‍රචාරය නොකිරීම පිළිබඳව ගැටළුවක් තියනවා කියලයි මං හිතන්නේ.

ඇත්තද සහේලිට තහංචියක් තියනවා කියන්නේ?

කවුද කියන්නේ?

පසුගිය සති අන්ත පුවත්පතක්?
මං ඔය කියන ප්‍රවෘතිය දැක්කේවත් නැහැ. මට තහංචියක් ඇත්තෙත් නැහැ. මොකක්ද ඔය කියන තහංචිය?

සහේලිට ජනාධිපති මංදිරේට යන්න තහනම් කරලා කියලා තිබුනු ප්‍රවෘතිය බොරුවක් කියලද ඔබ කියන්නේ?
ඔව්. මට ජනාධිපති මංදිරේට යන්න කිසිම තහංචියක් නැහැ. මට මේ රටේ ඕනෑම තැනකට යන්න පුළුවන්කමක් තියනවා. කවුරු හරි එහෙම කියනවා නම් මම එයාට ප්‍රසිද්ධියේ අභියෝග කරනවා.

ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැහැ නේද?
ඔය වගේ ප්‍රවෘතියක් ලියන්නේ මොන වගේ පදනමකින්ද කියලාඅ මම ප්‍රශ්න කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. අනික ඔය කියන පත්තරේ සමාජයේ බහුතරයක් කියවන පත්තරයක් නොවේ. සමාජය පිළිගන්නෙත් නැහැ. ඊයේ පෙරේදා තහනම් කරලා තිබිලානේ දැං ඔය ආපහු අනුන්ගේ ප්‍රවෘත්ති ලියලා පත්තරය විකුණගන්න හදන්නේ.

අපි පසුගිය දවසකත් ජනාධිපති මංදිරයට ගිහින් ජනාධිපතිතුමා හමු වුණා. මට ජනාධිපති මැදුරට යන්න කිසිම තහනමක් නැහැ.












Source: http://www.gossip9.com/2012/06/blog-post_991.html#ixzz1xlbDCF7o

Share this article with your friends