ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට ලබාදෙන ප‍්‍රචාරය සීමා කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා පෞද්ගලික පුවත්පත් ආයතන දෙකකට දැනුම් දී තිබේ. එසේම, බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා අපහසුතාවයට ලක් කෙරෙන තොරතුරු රාශියක්ද නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා විසින් එම පුවත්පත් ආයතනවල ප‍්‍රධානීන් වෙත ලබාදී ඇත.
මෙම තත්ත්වය යටතේ සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතාගේ ‘ලක්බිම’ පුවත්පත බැසිල් රාජපක්‍ෂ මහතාට උපරිම ප‍්‍රචාරයක් ලබාදීමට තීරණය කර තිබේ.
එසේම, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට එරෙහිව පුළුල් ප‍්‍රචාරයක් දියත් කිරීමට නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා සහ ශී‍්‍ර ලංකාවේ කැසිනෝ රජා වන, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා කටයුතු යොදා තිබුණද, අපගේ වෙබ් අඩවිය විසින් ඒ පිළිබඳව හෙළිදරව් කිරීමත් සමග එම මඩ මෙහෙයුම් තාවකාලිකව කල් දමන ලෙස නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා අදාළ මාධ්‍යවේදීන් වෙත දැනුම් දී තිබේ.
Source - lankanewsweb.com