
මැයි 16 වෙනිදා තුලාවෙන් කන්‍යාවට වක්‍ර ගමනක යෙදුන ශනි ජුනි 25 වන සඳුදා පස්වරු 1:32 ට නිවෘත වේ.එනම් පසුපසට යන ගමන නතරකොට ඉදිරියට ගමන් කිරීමයි.මෙසේ ශනිගේ වෙනස් වීම මේ වකවානුවේ සෙසු ග්‍රහයන්ගේ පිහිටීමේ පීඩනය මැද සිදුවන්නක් නිසා අහිතකර තත්වයක් ඇතිවීමට ඉඩකඩ ඇත.
ශනිගේ නපුරු ගති පැවතුම් එලෙස වුවත් ශානිගෙන් නොසිතු යහපත් දේවල්ද ඉදිරියේදී දක්නට ලැබේවි.බැසිල් රාජපක්ෂ කන්‍යා ලග්න හිමියෙකු වුවත් එතුමාමෙරට දේශපාලනයේ තව ඉහලට එසවෙන අතර සුසන්තිකා ජයසිංහ මහත්මියටත් මන්ත්‍රී වරමක් ඇති වන බලයක් ඇතිවේ.
පොළවෙන් ලැබෙන සම්පත් බහුල කාලයක් වේ.මෙතෙක් විසඳුම් නැති ප්‍රශ්න වලට විසඳුම් ලැබීමටද ඉඩ ඇත.කිසිවෙක් සිහිනෙන්වත් නොසිතු දේවල් ජුනි 25 වනදායින් පසුව සිදුවනු ඇත.රාහු දහයේදී සිටියදී ශනි කුජ අටේ එකට යන බලවත් ප්‍රසිද්ධ උදවියට විපත් බහුල කාලයක් වේවි.
පසුගිය කාලයටත් වඩා බිහිසුණු අනතුරු ජුනි ජුලි අගෝස්තු මාස පුරා පැවතේ.දරුණු මංකොල්ල ගැන අසන්න ලැබේවි.මහපොලව නුහුලන අපරාධ ගැන අසන්නට ලැබේවි.විශාල ගොඩනැගිලි කඩාවැටෙන ගිනිගන්න අතර විශාල නාය යාම් ආදී ස්වභාවික විපත් බහුල කාලයකි.
ගොවියන්ට කම්කරුවන්ට මාධ්‍යය අංශවලට දරාගත නොහැකි ප්‍රශ්න ඇති වෙයි.මිනිස් සමාජයටම අහිතකර දරුණු රෝග පැතිර යන කාලයකි.සෞඛ්‍යය අංශ වල කඩා වැටීමක් ඇතිවේ.ආර්ථිකය ඇඟට දැනෙන අවධියකි.
අමුතු දේශාපලන රැල්ලක් බිහිවෙන අතර ප්‍රධාන දේශපාලන පක්ෂ වල දෙදරීම් ඇතිකිරීමට ශනි ගේ නිවෘත වීම බලාපනු ලැබේ.
- නාත්තන්ඩියේ පි.ඩී පෙරේරාගේ ලිපියක් ඇසුරිනි.
Source: http://www.gossip9.com/2012/06/blog-post_1834.html#ixzz1yVZ5wfuj