මහාභාණ්ඩාගාරයේ අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා ගෙන යන මෙහෙයුමෙහි වීරවංශ අමාත්‍යවරයාද ප‍්‍රධාන කොටස්කරුවෙකි. ජයසුන්දර මහතාට එරෙහි මාධ්‍ය මෙහෙයුම් පසුගිය කාලය පුරා සැලසුම් කර ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයාය.
මැයි .23 දින අධික වර්ෂාව හා දැඩි සුළඟ හේතුවෙන් ගසක් කඩා වැටීම නිසා අමාත්‍යවරයාගේ නිල නිවසේ තාප්පයට බරපතල හානි සිදුවූ අතර එහි කොටසක් කඩා වැටුණි. මේ වන විට තාප්පය ස්ථාන කිහිපයකින් පුපුරාගොස් කඩාවැටීමටද ආසන්නව ඇත.
මේ පිළිබඳ නිරීක්ෂණ වාර්තාවක් කැඳවා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දුන්නේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අමාත්‍යාංශය මඟින්ම මෙම අඵත්වැඩියා කටයුතු සිදුකරන ලෙස දැනුම් දී ඇත. ඉන් අනතුරුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා මඟින් මෙම අඵත්වැඩියා කටයුතු සිදුකරන ලෙස එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
අඵත්වැඩියාවට යන වියදම ගැන ඇස්තමේන්තුවක් සිදුකිරීමෙන් අනතුරුව එයට යන වියදම ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින ලදී. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශකර ඇත්තේ මේ සඳහා ආයතනයට මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවයි. අදාළ ඇස්තමේන්තුව සඳහා 50% ක මුදලක් ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන ගණකාධිකාරීවරයාට දැනුම්දී ඇත. මේ සඳහා මුදල් ප්‍රතිපාදන නොමැති බවත් වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට වෙන්කර ඇති මුදලකින් අවශ්‍ය නම් මේ සඳහා මුදල් යෙදවිය හැකි බවත් ප්‍රධාන ගණකාධිකාරීවරයා දැනුම්දී තිබේ.
නමුත් වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට වෙන්කළ මුදල් තම නිල නිවසේ තාප්පය අඵත්වැඩියා කිරීමට යොදා නොගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදෙන ලදී. ඉන්පසුව ප්‍රධාන ගණකාධිකාරීවරයා විසින් මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති අතර මහා භාණ්ඩාගාරය ප්‍රධාන ගණකාධිකාරීවරයාට දැනුම්දී ඇත්තේ මේ සඳහා ප්‍රතිපාදන ලබාදීමට නොහැකි නිසා අමතර ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අමතර ප්‍රතිපාදන කමිටුවට යොමුකොට ඇති බවයි.
Source - lankanewsweb.com