මෙම තරඟාවලියේ නිල තානාපතිත්වය සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් හට ලබාදීමට සුදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ බොහෝ පුද්ගලයන් හින්දි සිනමාවට වශී වී ඇති හෙයින් මෙම තීරණය ගෙන ඇති බවත් සල්මන් ඛාන් මෙරට ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ මිතුරෙකු වීම නිසාවෙන්ද මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් සල්මන් ඛාන් විසින් දැනටමත් එම ආරාධනය පිළිගෙන ඇති බවට වාර්තා වේ.
කෙසේ නමුත් මෙම තරඟාවලියට ඉන්දීය ක්‍රීඩකයන් සහභාගී නොවන බව පසුගිය වසරේ දැන්වූ අතර පසුගියදා සිදුකල මාධ්‍යය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටියේ ඔවුන් සහභාගී නොවුනත් තරඟාවලිය සැලසුම් කල පරිදි පවත්වන බවයි.
මෙම තරඟාවලියේ පළමු අදියර සඳහා පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 7ක් තරඟ වැදීමට නියමිත අතර ඒවා බස්නාහිර බෙයාස්, කඳුරට කයිට්ස්, නැගෙනහිර නාගස්, රුහුණු රයිනෝස්, උතුරු ඔරික්සස්, ඌව යුනිකෝන්ස් සහ වයඹ වුල්ස් ලෙස නම්කර තිබේ.
සෑම කණ්ඩායමකටම විදේශීය ක්‍රීඩකයන් 06 දෙනෙකු පමණක් ඇතුළත් කළ හැකි අතර ඉන් සිව් දෙනෙකු සෑම තරඟයකටම තරඟ කළ යුතු බවට කොන්දේසි පනවා තිබේ.
ඉතිරි ක්‍රීඩකයන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් විය යුතු අතර ඔවුන්ගේ වයස අවුරුදු 21ට වැඩිවිය යුතු බවද ක්‍රිකට් ආයතනය පවසයි.තරඟාවලිය තරඟ 24කින් යුත් අතර එම සියලු තරඟ ලෝ පුරා සජීවී ලෙස විකාශනය කිරීමටද කටයුතු යොදා ඇත.
Source: http://www.gossip9.com/2012/06/blog-post_3057.html#ixzz1yXrX8RjZ