එම ජායාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.
මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්‍රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.
මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.
එහිදී ඔහු අප වෙත සහතික වුයේ මෙය ඔහු විසින් ගත ජායාරුපයක් බවත් තමා කලාවැව ඉස්‌මත්තේ ඔලොම්බෑව - කොළකඳමුල්ල වැව් පිටියේදී මෙය නිකොන් D90 වර්ගයේ කැමරාවකින් ජායරුපගතකොට ඇති බවත්ය.
මෙම ඡායාරූපය ගන්නා අවස්‌ථාවේදී කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිත කර ඇත්තේ තත්පරයෙන් 1/4000ක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්‌තුවක් පවා කැමරාවට ග්‍රහණය වේ. කාච විවරය Aperture 5.6 සහ ISO 800 ලෙස භාවිතා කර ඇත
ජායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ජායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද අප වෙත සඳහන් කර සිටියා.
තවද මෙම ජායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කල බව ඔහු අප වෙත දන්වා සිටියා.
එම ජායාරූපය පහතින් බලන්න
Source: http://www.gossip9.com/2012/07/blog-post_4070.html#ixzz20IaMINsW