Chitika Smowtion 468x60


Sunday, July 1, 2012

අල්ල ගත්තු එවුන් ඒ වෙලාවෙම මැරුවා නම් මේ ප‍්‍රශ්න කිසි දෙයක් නැහැ - ආරක්‍ෂක ලේකම් පවසයි ?


වන්නි මෙහෙයුමේදී භාර වූ සහ අත්අඩංගුවට ගත් ප‍්‍රබල කොටි සාමාජිකයන් හා නායකයන් ජීවතුන් අතර නොතබන ලෙස දී තිබූ උපදෙස් පිළිනොපැදීම නිසා පසුගියදා වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල වැනි සිද්ධීන් ඉදිරියටත් ඇතිවිය හැකි බවත්, ඒ නිසා එල්.ටී.ටී.ඊ.යට තමන් තවදුරටත් සංවිධානාත්මකව ශක්තිමත් බව ලෝකයට පෙන්වාදීමට හැකි වූ බවත් ප‍්‍රකාශ කරමින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාට තදින් බැණ වැදී ඇති බව වාර්තාවේ.
වන්නි හමුදා මෙහෙයුමේදී මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා 55 සහ 59 සේනාංක භාරව කටයුතු කළේය. 55 සහ 59 සේනාංක මුලතිව් සිට වෙත්තලෙයිකර්නි දක්වා මුහුදු තීරයට සමගාමීව ගොඩබිම මෙහෙයුම් කළ සේනාංකයන්ය. එහිදී 59 වන සේනාංකය මගින් අල්ලා ගත් මුහුදු කොටි නායකයෙකු වන ශෂී කුමාර් වව්නියා කැරැල්ලේ මූලිකයා බව වාර්තා වේ.
වන්නි මෙහෙයුමේදී භාර වන සහ අත්අඩංගුවට ගන්නා ප‍්‍රබල කොටි සාමාජිකයන් මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෞද්ගලිකව සියලූ සේනාංක ප‍්‍රධානීන් වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව නන්දිකඩාල් වෙත ගිය 53 වන සේනාංකයේ ප‍්‍රධානි මේජර් ජනරාල් කමල් ගුණරත්න අම්පලෙයිපොක්කවානිහිදී හමුදාවන් විසින් අල්ලා ගත් එල්.ටී.ටී.ඊ.යේ චාල්ස් ඇන්තනී බළකායේ කොටි සාමාජිකයන් 308 ක් ඝාතනය කර තිබිණි. ඊට අමතරව අවසන් සටනේදී අත්අඩංගුවට ගත් නායක මට්ටමේ කොටි සාමාජිකයන්ද මරා දමා තිබූ අතර, අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලිසියට භාර කර තිබුණේ සාමාන්‍ය කොටි සාමාජිකයන් පමණි. මෙහෙයුමේ 58 වන සේනාංකය භාරව කටයුතු කළ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සුදු කොඩි රැගෙන යුද හමුදාවට යටත්වීමට පැමිණි පුලිදේවන් නඬේෂන් ඇතුළු පිරිසද ඝාතනය කර තිබිණි.
එහෙත් මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගය පිළිනොපැද තිබූ අතර, භාර වූ සහ අත්අඩංගුවට ගත් සියලූ කොටි සාමාජිකයන් ලේඛන ගත කොට ඡායාරූපද සහිතව යුද හමුදා පොලිසිය වෙත ලිඛිතව භාර දී ඒ පිළිබඳව වාර්තා යුද හමුදා මූලස්ථානය වෙත යවා තිබිණි. එම නිසා ඔහු යටතේ සිටි කිසිදු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ඝාතනයට ලක් වී තිබුණේ නැත.


Source - lankanewsweb.com

Share this article with your friends