Chitika Smowtion 468x60


Tuesday, July 17, 2012

මොබයිලය කනේ ගසා‍‍‍ගෙන දුම්රියකට යට වෙන්න යයි


දූම්රිය රියදුරෙකුගේ විමසිලිමත්භාවය හේතුවෙන් තරුණියකගේ දිවි ගලවා ගැනීමට හැකි වීමේ පුවතක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අසන්නට ලැබේ. 
පසුගිය සෙනසුරාදා (14) පෙරවරුවේ නුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට ළගා වීමෙන් අනතුරුව රියදුරා එහි එන්ජිම මාරු කිරීමේ කටයුතුවල නිරතවී ඇත. එම දුම්රිය නුවර සිට කොළඹට ගෙන ආ එන්ජිම ගලවා ඉවත්කර වෙනත් එන්ජිමක් සවි කරගෙන මාතර බලා ධාවනය කරවීම මෙහිදී සිදු කෙරේ.
දුම්රියට එන්ජිම සවිකිරීම සදහා එහි රියදුරු දුම්රිය එන්ජිම පදවා ගෙන එමින් සිටියදී දුම්රිය මාර්ගයේ ජංගම දුරකථනයක් කනේ ගසාගෙන එමින් සිටි තරුණියක් දුම්රිය රියදුරුගේ ඇස් ගැටී ඇත.
වහාම දුම්රිය එන්ජිමේ නලාව ශබ්ද කළ රියදුරු තරුණියගේ අවධානය දුම්රිය එන්ජිම වෙත යොමු කිරීමට උත්සාහ දරා ඇත.
එහෙත් ජංගම දුරකථනයෙන් ලැබෙන ඇමතුමට වශී වී සිටි තරුණියට දුම්රියේ නළා හඩ ඇසුනේ නැත. දි‍ගින් දිගටම නළාව හැඩ වූ මුත් තරුණිය දුම්රිය ඉදිරීයට ආවේ තමා ඉදිරීපිටට මාරයා පැමිණෙන බවත් නොදැනයි.
දුරකථන ඇමතුමේ උන්මාදයෙන් සිටි තරුණිය දුම්රිය එන්ජිමේ පැමිණිමට ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් වහාම ක්‍රියාත්මක වූ දුම්රියේ රියදුරුවරයා තිරිංග තදකර එන්ජිමේ වේගය අඩාල කරමින් තරුණිය අසලටම පැමිණ එම එන්ජිම නතර කරගෙන ඇත.
දුම්රිය එන්ජිමක් තමා ඉදිරීයට පැමිණ ඇති බව තරුණියට පෙනි ගොස් ඇත්තේ එන්ජිම ඇය ළගම නතර කිරීමෙන් අනතුරුවය.
ඉන්පසු දුම්රිය ස්ථානයේ සිටි නිලධාරීන් වහාම තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවතට ගෙන පොලිස් නිලධාරීන්ට භාර දුන්නා. එහිදි එම නිළධාරීන්ගේ අවවාද කිරීම් තඹයකටවත් මායිම් නොකළ ඇය දුම්රිය රියදුරුටවත් ස්තුති නොකර සෙනග අතරේ නොපෙනි ගොස් ඇත.










Source - lakbima

Share this article with your friends