
අනෙකුත් නාලිකා ඒ මහතාගෙ අභාවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවෘත්ති හා වැඩසටහන් ඉදිරිපත් කරද්දී හිරු ටීවී නාලිකාව ඔහු ගැන විශේෂ සඳහනක් නොකොට දැන්වීමක් පමණක් පල කළේය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නිමල් ලක්ෂපතිආරච්චි මහතා මිය යාමට සති කිහිපයකට පෙර හිරු ටීවී ආයතනයෙන් ඉල්ලා අස් වී ඇත.
මීට මූලික හේතුව වී ඇත්තේ ඔහු සැලසුම් කළ අලුත් පන්නයේ ඩිජිටල් නාලිකාව වෙනුවට හිරු ටීවී තවත් පහත් පෙළේ "අච්චාරු" නාලිකාවත් බවට පත්වීමයි. කෙසේ වෙතත් හිරු ටිවී මෙම ඉවත්වීම ගැන එළිදරව් වීම වැලැක්වීමට හැකි සෑම ප‍්‍රයත්නයම දරන්නේ එය ඔවුන්ට විශාල කැළලක් නිසාය.
හිරු ටීවී සඳහා සැලසුම් සකස් කළ මුල් අවදියේ ඒ සඳහා මූලිකව කටයුතු කර ඇත්තේ ලක්‍ෂපතිආරච්චි මහතා ය. අලූත්ම තරුණයන් කිහිපදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සමග ශ‍්‍රී ලංකාවේ මෙතෙක් නොවූ විරූ ආකාරයේ රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීම ඔහුගේ අරමුණ වූ බව ඒ අවධියේ සමීපව කටයුතු කළ මාධ්‍යවේදියෙක් අප සමග පැවසී ය.
මීට පෙරත් සිරස ගුවන් විදුලිය ඇරඹීමේදී ඔහු මුළුමණින් ම නවක තරුණ පිරිසක් ඒ සඳහා යොදාගැනීමට ඔහු කටයුතු කළ අතර, එය එම නාලිකාවේ සාර්ථකත්වයට හේතු වූ බව රහසක් නොවේ.
කෙසේ වෙතත් මෙම තත්ත්වය වෙනස් වන්නේ විරාජ් වැලිවත්ත ඇතුළු පිරිසක් සිරස රූපවාහිනියෙන් ඉවත්වී හිරු ටීවි එකට ඒමත් සමග ය. බාල වැඩසටහන් ඉදිරිපත් කිරීමත්, ඒ හරහා සිය පුද්ගලික අභිමතාර්ථ ඉටු කරගැනීමත් හැරෙන්නට වෙනත් රූපවාහිනී කලාවක් නොදත් මෙම පිරිසට සිටි ලොකුම බාධකය වූයේ නිමල් ලක්ෂපතිආරච්චි මහතා ය.
හිරු ටීවී අයිති රෙනෝ සිල්වාගේ රසිකත්වයට සහ අනාගතයේ ඔහුගේ සොයුරාගේ
දේශපාලනයට අවශ්‍ය පරිදි චැනල් එක හදාගන්නට මේ පිරිස කදිමට ගැලපුණි. අවසාන ප‍්‍රතිඵලය වූයේ නිමල් ලක්ෂපතිආරච්චි මහතා බලතල නැති නාමික තනතුරකට සීමා කොට මේ සිරසෙ කට්ටිය ආයතනයේ බලය අල්ලා ගැනීමයි.
සිරස එෆ්. එම් හා සිරස ටීවී එකල මාධ්‍ය සංස්කෘතිය උඩුයටිකරු කළ ආකාරයට ම එක තැන පල් වන වර්තමාන රූපවාහිනී කලාවේ පෙරලියක් ඇතිකිරීම ලක්‍ෂපතිආරච්චි මහතාගේ අරමුණ විය. හිරු ටීවී ආරම්භ කරන මොහොතේ ඔහු ඉතා හැඟීම්බර කතාවක් කරමින්, ”මේක මං කරන අන්තිම වැඬේ... මේක හොඳට කරන්න ඕනේ” යනුවෙන් පවසා තිබේ. ලංකාවේ රූපවාහිනී කලාව ඊළඟ පරම්පරාව කරා රැගෙන යාමට නිමල් ලක්ෂපතිආරච්චි මහතාට අවශ්‍ය වුණත් හිරු ටීවී අනෙකුත් ප‍්‍රධානීන්ට තිබුනේ පුද්ගලික අරමුණුය.
අවසානයේ හිරු ටීවී ද අනෙත් නාලිකා වැනි ම අච්චාරුවකි වීම ගැන ඔහු බලවත් කනස්සල්ලෙන් පසු වී ඇත. විශේෂයෙන් ම දැවැන්ත රූපවාහීනී පෞරුෂයක් වූ ඒ මහතාට, තමා විසින් ආඩම්බරයෙන් ඉදිරිපත් කළ නව සංකල්ප දෑස් ඉදිරියේ ම කුණුකූඩයට යන ආකාරය බලා හිඳිම මහත් සිත් වේදනාවක් වන්නට ඇත.
එමෙන් ම සංවේදී හදවතක් තිබූ ඔහුට හිරු ටීවී එකට ඔහු විසින් බඳවාගත් තරුණයින් කිහිප දෙනාට පසුකාලීනව ආයතනය තුළ මුහුණදීමට සිදු වු තත්ත්වය ගැන මහත් පසුතැවිල්ලක් තිබූ බවත්, ඔවුන් එම තත්ත්වයට පත්වීමට තමා වගකිව යුතු යැයි කියමින් ඔහු කණගාටු වූ බවත් වාර්තාවේ.
හිරු ටීවී ආරම්භ කර මාස 2ක් ගතවන්නටත් පෙර නිමල් ලක්ෂපතිආරච්චි මහතා ඉල්ලා අස්වී ඇත. තවත් විශාල පිරිසක් හිරු ටීවී ගැන කළ කිරීමෙන් ළඟදීම ඉන් ඉවත් ව යනු ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

Source: http://www.gossip9.com/2012/07/blog-post_7352.html#ixzz21HwnC4IP