Chitika Smowtion 468x60


Sunday, July 22, 2012

අයේෂා මව් පදවිය ලැබීමට සූදානමින් !


අයේෂා සඳමාලි මේ දිනවල තම කැදැල්ලට පුංචි අමුත්තෙක් එනකං මඟබලන් ඉන්න බව පවසනවා.

නිරූපිකාවක්‌, නර්තන ශිල්පිනියක්‌, රංගන ශිල්පිනියක්‌ වගේම නිවේදිකාවක්‌ වූ අයේෂා සඳමාලිත් අම්ම කෙනෙක්‌ වෙන්න යනවා කියලා ලැබුණු ආරංචිය ගැන අයේෂා පවසන්නේ මෙලෙසයි.

අයේෂා මවක්‌ වීමේ සිහිනය සැබෑ කරගන්න යනවා කියන්නේ ? 
ඔව්. ඇත්තටම කාලයක්‌ තිස්‌සේ තිබුණ බලාපොරොත්තුවක්‌ තමයි ඉෂ්ටවෙන්න යන්නේ. ඒ වුණාට තිබුණ වැඩත් එක්‌ක ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ටිකක්‌ කල්ගත වුණා. නමුත් මම හිතනවා ජීවිතයේ ලැබෙන්න ඕනෑ දේවල් ලැබෙන්න ඕනෑ කාලයට ලැබුණ කියලා. ඒ ගැන ලොකු සතුටක්‌ තිබෙනවා.

මේ දවස්‌වල කාලය ගෙවෙන්නේ කොහොමද?
ගොඩක්‌ විවේකයෙන් තමයි කාලය ගතවෙන්නේ. මොකද වෛද්‍යවරු උපදෙස්‌ දීලයි තියෙන්නේ ගොඩක්‌ මහන්සිවෙන්න එපා, විවේකයෙන් ඉන්න කියලා.

වැඩියෙන් කැමැති දුවෙකුටද? පුතෙකුටද ?
මම නම් ඇත්තටම කැමැති දුවෙකුට. නමුත් මට ලැබෙන්නේ පුතෙක්‌. පුතෙක්‌ වුණත් දුවෙක්‌ වුණත් බොහොම සතුටෙන් භාරගන්නවා.

එතකොට සැමියා කැමැති ?
එයා නම් කැමැති පුතෙකුට.


මවක්‌ වීමත් සමග කලාවෙන් ඈත්වෙන්නද සූදානම?
මම පසුගිය දවස්‌වල පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වුණා. ඒ හින්දා මට කලා කටයුතුවලට දායක වෙන්න බැරිවුණා. රණවිරු රියල් ස්‌ටාර් තමයි මම අන්තිමට කරපු වැඩසටහන. මෙවරත් ඒ වැඩසටහනට ආරාධනා ලැබුණා. නමුත් ඒ වන විටත් මම අම්මා කෙනකු වෙලයි හිටියේ. මම මව් පදවිය ලබන්න ඕනෑ කාලයක, තවත් ඒක පහුකරන්න ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ. ජීවිතයේ කොච්චර දේවල් කළත් ආපසු හැරී බලද්දී දැන් තමයි ජීවිතයේ සතුටුවෙන්න පුළුවන් කාලය ඇවිත් තියෙන්නේ.

මවක්‌ වෙලා කලා කටයුතු කරනවාට සැමියා විරුද්ධ නැතිද?
ඉස්‌සර නම් අපි දෙන්නා විතරයි. ඉදිරියේදී ලොකු වගකීමක්‌ පැවරෙනවා. සැමියා ගොඩක්‌ කාර්ය බහුල වුණොත් මට දරුවත් එක්‌කම ඉන්න වුණොත් වැඩකරන්න බැරිවෙයි.

ජීවිතයේ වැඩියෙන්ම සතුටුවෙන්නේ මොකක්‌ නිසාද?
ජීවිතයේ වැඩියෙන්ම සතුටුවෙන දවස ඉදිරියේදී තමයි තියෙන්නේ. 










Source: http://www.gossip9.com/2012/07/blog-post_22.html#ixzz21LU9GDLf

Share this article with your friends