Chitika Smowtion 468x60


Sunday, July 22, 2012

මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි - අනර්කලී


මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි. 

දේශපාලනය මට අපේ පවුල් පසුබිමෙන් උරුම උනු දෙයක් !

මට හැකි උපරිමයෙන් මගේ ජනතාවට සේවය කරනවා. 

මම මොන වගේද කියලා මමවත් තාම දන්නෙ නෑ ! 

ඉටිපහන් ටෙලිනාට්‍යය තුළින් කුඩා ගැහැණු දරුවකුගේ චරිතයකට පණ පොවමින් ඉතා කුඩා අවදියෙන්ම රංගනයට දායක වී පුංචි තිරය, රිදී තිරය විතරක් නෙවෙයි මේ වන විට ඇය දේශපාලන වේදිකාවත් ජයගන්න සමත් වී තිබෙනවා.

ඇය අනර්කලී ආකර්ශා. ඇය කුමන විදියේ කෙනෙක් ද යන්න ඇයවත් තවම නොදන්නා බවයි අනර්කලී පවසන්නේ. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.

අනර්කලී සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ චරිතයක් ද?
මමවත් තාම දන්නෙ නෑ මම මොන වගේද කියලා. ඒක හරියටම දැනගන්න වෙන්නේ මගේ සමීපතම අයගෙන්. මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි. ඒ වගේම මම කරන දේවල් වලට උපරිමයෙන් ආදරය කරනවා.


දැන් වයස අවුරුදු 25 ක් නේද?
ඔව්. ජූලි 11 වෙනිදා උපන්දිනය තිබුනා.

ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණියක්, නිවේදිකාවක්, ලාබාලතම දේශපාලන කාන්තා චරිතයක් ලෙස කටයුතු කිරීමේදී දඟකාර බවින් යුතු සාමාන්‍ය අනර්කලීව අමතක වෙනවද?
ගොඩක් වෙලාවට සාමාන්‍ය අනර්කලීව මඟහැරෙනවා. යාළුවෝ එක්ක විනෝද වෙන්න, මම කැමතිම දේවල් කරන්න, ෂොපින් යන්න ලැබෙන කාලය හරිම අඩුයි. සාමාන්‍ය ජීවිතයේදී මිස් වෙන දේවල් වැඩියි. දේශපාලන චරිතයක් ලෙස මාව පත් කළ ජනතාවට සේවයක් කරන්න ගියාම පොඩි පොඩි දේවල් කැපකරන්න වෙනවා. ඊට වඩා මුල් තැන දෙන්නෙ අනර්කලී කියන ධෛර්යවත් කාන්තාව සමාජය තුළ දී කළ යුතු වැඩ වලටයි. විශේශයෙන් කුඩා දරුවන් වෙනුවෙන් වැඩකරන්න මම ගොඩක් කැමතියි. දේශපාලනය මට අපේ පවුල් පසුබිමෙන් උරුම උනු දෙයක්. මගේ සීයා ඇමති කෙනෙක් වෙලා ඉඳල තියනවා. තවත් බොහෝ ඥාතීන් දේශපාලනයට සම්බන්ඳ වෙලා ඉඳල තියෙනවා. ඒ නිසා මම ඒ කටයුතු කරන්නෙ හරිම ආසාවෙන්.

ගාල්ලේ ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම ගාල්ලට යන්නෙ සාමාන්‍ය අනර්කලී විදියටමයි. ගාල්ලට ගියා කියල මම කොණ්ඩෙ පාටකළ එක, මම ඇවිදින විදිය, මම කතා කරන විදිය, කනබොන විදිය වෙනස් කළේ නැහැ. බොරුවට රඟපාලා වෙනස් අනර්කලී කෙනෙක් ගාල්ලේ දේශපාලනයට ඇවිල්ල ඉන්නව කියල පෙන්නුවේ නෑ. ඔවුන් ඡන්දය දුනේ ටීවී එකේදි දැක්ක ඒ දවස් වල එයාල හමුවෙන්න ආපු සාමාන්‍ය අනර්කලී ටයි. මම ඒ විදියට ගිහිල්ලා මට හැකි උපරිමයෙන් මගේ ජනතාවට සේවය කරනවා. 








Source: http://www.gossip9.com/2012/07/25.html#ixzz21LX5nuaQ

Share this article with your friends