Chitika Smowtion 468x60


Tuesday, August 14, 2012

පරාජය දරාගතනොහැකිව ප්‍රේක්ෂයන්ට පහරදුන් ජනපති පුතුන්


පෙරේදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවති අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ හටගත් ගැටුමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සම්බන්ධවී ඇති බවට වාර්තා වෙනවා.

මහනුවර කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර පැවැති මෙම තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්ව ඇත.

මෙම තරගයේදී ජනාධිපති පුතුන් තිදෙනා ද නාවික හමුදා කණ්ඩායම නියෝජනය කර ඇති අතර තරගය නිමවීමෙන් අනතුරුව පරාජය දරගත නොහැකි වූ නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් පැමිණි හමුදා සෙබළුන් පිරිසක් ක්‍රීඩා ලෝලීන්ට එලව එලවා පහරදී තිබෙනවා.

සවස් යාමයේ තරඟය හමාර වීමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය සමරද්දී ප්‍රහාරය ආරම්භ කළේ නාවික හමුදාවේ භෞත චිකිත්සකවරයා බව පවසන ලසන්ත විජේසූරිය මහතා, ජනාධිපතිවරයාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවා ප්‍රහාරයට සම්බන්ධ වූ බවටද චෝදනා කරනවා.

මේ පිළිබඳව මහනුවර ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා පවසන්නේ "නාවික හමුදාවේ කණ්ඩායම එලියට එන ගමන් කණ්ඩායමේ එක් කෙනෙක් එතන හිටපු ක්‍රීඩා ලෝලීන්ට ගහන්න පටන් ගත්තා

ඊට පස්සේ මම හිතන්නේ යෝශිතලා හිටන් සම්බන්ධ වුනා අපේ අයට ගහන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉන්න ආරක්ෂක නිලධාරි ක්‍රීඩා ලෝලීන්ටයි කාන්තාවන්ටයි ඔක්කොටම ගහන්න පටන් ගත්ත ක්‍රීඩාංගනයෙන් එලියට යනකම්ම ගහල එලෙවුවා
"

ප්‍රහාරයේදී කාන්තාවක ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බවද ඔහු පැවසිය.

තරඟය නැරඹීමට පැමිණ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බිරිඳ පිටව යාමෙන් අනතුරුව හමුදා භටයන් ක්‍රීඩාලෝලීන් ට පහර දෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ජනපති පුතුන් තිදෙනාම ඒ දෙස බලා සිටි බව ද ලසන්ත විජේසූරිය මහතා පවසයි.

නාවික හමුදාවේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් පසුගිය වසරේත් තමන් සමඟ තරඟයෙන් අනතුරුව මේ අන්දමින්ම ක්‍රීඩාලෝලීන්ට පහර දුන් නමුත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් ද පොලීසිය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බව මහනුවර ක්‍රීඩා සමාජය පවසනවා.

ප්‍රහාරය සිදු වෙද්දී පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එතැන සිටි නමුත් ඒ දෙස බලා සිටියා හැරෙන්නට කිසිදු පියවරක් ඔවුන් ගෙන නැහැ.


මෙම පහරදීමේ සිරස වීඩියෝව පහලින්.



ස්වර්ණවාහිනී වීඩියෝව වීඩියෝව පහලින්.



හිරු ටී.වී වීඩියෝව පහලින්.











Source: http://www.gossip9.com/2012/08/blog-post_14.html#ixzz23Uc6f8Fw

Share this article with your friends