අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමිල හේරත් මහතාට ඊයේ රාත්‍රී දහයියාගම හන්දියේ දී ප්‍රහාරයක් එල්ල කොට ඇත. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හේරත් මහතා මේ වන විට ස්නායු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇත.
වෛද්‍ය චමිල හේරත් මහතා රාත්‍රි 12ට පමණ ආපසු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත සිය මෝටර් රථයෙන් පැමිණෙන්නට සූදානම් වී ඇත. දහයියාගම හන්දියේ පිහිටි සන්ධාන කාර්යාලයක් අසල රැඳී සිටි පිරිස හේතුවෙන් වෛද්‍යවරයාට සිය මෝටර් රථය ඉදිරියට ගෙන යන්නට බාධා සිදු වී ඇති අතර එම අවස්තාවේ දී තමන්ට යාමට අවශ්‍ය බව වෛද්‍යවරයා විසින් පවසද්දි රැඳී සිටි පිරිසක් පැමිණ වාහනයේ දොර හැර වෛද්‍යවරයා පිටතට ගන්නට උත්සහ දරා ඇතැයි පැවසේ.
එම අවස්ථාවේ දී වෛද්‍යවරයා විසින් දොර අගුල් දමා ඇත. එහිදී විවර වී තිබූ වීදුරුවෙන් අත් දමා වෛද්‍යවරයාගේ මුහුණට දැඩි ලෙස පහර දෙන්නට පටන් ගෙන ඇතැයි කියති. සමහරු තමන්ගේ අත්වල තිබූ පොලුවලින් රථයේ වින්ඩ්ස්ක්රිනයටද පහර දී එය බිඳ දමා ඇති අතර මුළු රථය වටකොට විසි දෙනෙකුට වැඩි පිරිසක් පහර දෙන්නට පටන් ගෙන ඇත.
වෛද්‍යවරයාගේ මුහුණට තදබල ලෙස පහර එල්ල වී ඇති අතර පහර කාගෙනම වෛද්‍යවරයා රථය පදවා ගෙන රෝහලට පැමිණ ඇත. එම අවස්ථාවේ එහි සිටි වෛද්‍යවරුන් විසින් වෛද්‍ය චමිල හේරත් මහතා රෝහලේ 31 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති අතර එම වෛද්‍යවරුන් විසින්ම මෙම පහර දීම පිළිඹඳ එම අවස්ථාවේදීම අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිළි කර තිබේ.
මෙම සිදුවීමට විරෝධයක් වශයෙන් දැනට අනුරාධපුර ශික්ෂණ රේහලේ වෛද්‍යවරුන් අතින් සිදුවන්නේ අත්‍යාවශ්‍ය සේවා පමණී.
බර්ටි ප්‍රේමලාල් විසින් මැතිවරණ ප්රචණ්ඩත්වය ඇති කල පළමු අවස්තාව මෙය නොවේ. "මැරෙනකන් මහ ඇමති මමයි" යනුවෙන් පසුගියදා දේශපාලන වේදිකාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශකළ බර්ටි ප්‍රේමලාල මෙතෙක් සිදුකල මැතිවරණ නීති කඩ කිරීම් සහ ප්රචණ්ඩ ක්‍රියා මෙසේය.
- පසුගිය 3 වනදා එම්. රංජිත් මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු අතරතුරදී උදලු බෙදා දීමේ උත්සවයක් සංවිධානය කර තිබී ඇති අතර එම ස්ථානයට පැමිණි බර්ටි මහතාගේ අධාරකරුවන් පිරිසක් විසින් එයට බාධා පැමිණවීම
- බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ප්රචාරක දැන්වීම් සහිත වෑන් රථයක් අනුරාධපුරයේ දහයියාගම හන්දියේ දී පොලිස් නිලධාරින් විසින් නවතා එහි වූ දැන්වීම් පසුගිය 15 වනදා ගලවා දමන ලදී
- බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා වෙනුවෙන් ප්රචාරක කටයුතු සඳහා යොදවා ඇති වාහන 40 ක අංක සහ එහි ප්රචාරක කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නීරීක්ෂණ ජාලය විසින් මැතිවරණ කොමසාරිස් වරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.
- උතුරු මැද පළාත් සභා මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ සහ රජයේ වාහන එම පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා විසින් භාවිත කරන බවට චෝදනා කරමින් වගඋත්තරකරුවන් 13 දෙනකුට එරෙහිව උතුරු මැද පළාත්බද මහාධිකරණය හමුවේ අනුරාධපුර අපි පුරවැසියෝ සංවිධානය විසින් ගොනු කළ පෙත්සම පසුගිය 23 වනදා නිශ්ප්‍රභ වුයේ එය විභාගයට ගැනීමට අධිකරණයට බලයක් නොමැති බව පවසමින්
- ඡන්ද සමයේ මහජනතාවට බෙදාදීමට ගෙනැවිත් තිබූ බව කියන බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට අයත් බවට පැවසෙන වතුර මෝටර්, වතුර පෙරන යන්ත්‍ර හා තවත් උපකරණ තොගයක් ගබඩා කර අනුරාධපුර නගරයේ තිබූ පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතන තුනක ගබඩා තුනකට විශේෂ මැතිවරණ නිලධාරීන් විසින් පසුගිය 24 වැනිදා සීල් තබා ඇත.
- සර්වඥ ධාතුන් වැද පුදා ගැනීමට එන බැතිමතුන් වෙත බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ මනාප අංකය,රැව සහ ඡන්ද සලකුණ සහිත පත්රකා පසුගිය 26 වනදා පෙරවරැවේ සිටම බෙදා දෙනු ලැබිය.
- බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ ඡායාරූපයක් රාජාංගනය පොලිසියේ සවිකර ඇතැයිද එය ඡන්ද නීති කැඞීමක් ලෙස මැතිවරණ කොමසාරිස් වෙත පසුගිය 26 වනදා පැමිණිල්ලක් ලැබීම.
- අනුරාධපුර මහ රෝහලේ බෙහෙත් කවරවල බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ජන්ද විස්තර ඇතුලත් කොට තිබීම
- උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ජය තහවුරු කිරීම උදෙසා පසුගිය 30 වනදා රාත්‍රියේ තිරප්පනේ වැව් තාවුල්ලේ පැවැති සංගීත ප්‍රසංගයකදී දෙපිරිසක් අතර ගැටුමක් හට ගැනීම
ගොවිජන සේවා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අතර කලක පටන් පවතින විරසකය මෙම මැතිවරණයත් සමග එළිපිට ගැටුම් දක්වා වර්ධනය වී ඇති අතර එස්.එම්. චන්ද්‍රසේන විසින් සිය සොහොයුරෙක් මැතිවරණයට ඉදිරිපත් කිරීම මගින් මෙම ගැටුම උත්සන්න වී ඇත.
Source: http://www.gossip9.com/2012/09/blog-post.html#ixzz25C9HCucv