Chitika Smowtion 468x60


Thursday, October 25, 2012

Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම


ඉතාම අධික ආරක්ෂාවක් සහිතව ලෝකයාගෙන් වසන් කරමින් ඇමරිකාව විසින් පවත්වාගන යන ඒරියා-51 ප්‍රදේශයට BBC මාධ්‍යවේදීන් කන්ඩායමක් විසින් පසුගිය කාලයේ ඇතුළුවී තිබුණා.

Conspiracy Road Trip: UFOs නමින් විකාශය වන වාර්තා වැඩසටහනක් සඳහායි ඔවුන් මෙලෙස ඇතුළුවී තිබුනේ. ඇතුළු වූ කණ්ඩායමට අයර්ලන්ත විකට නළුවෙකු ඇන්ඩෲ මැක්ස්වෙල් හා පියාඹනපීරිසි විද්‍යාඥයෙකු වන ඩැරන් පර්ක්ස් ද ඇතුළත්ව සිටියා

කැලිෆෝනියාව, ඇරිසෝනා හරහා නෙවාඩා කාන්තාරයට පැමිණි 12 දෙනෙකුගෙන් යුත් මෙම පිරිස තහනම් කලාපයට පැමිණ ඇත්තේ රාත්‍රිය එහි ගතකර අසාමාන්‍ය අහස නිරීක්ෂණය කිරීම සඳහාය.



ඔවුන් එහි යන වන විට සවස 5 පමණ වී තිබූ අතර ආරක්ෂක මුරකාවලෙහි නිළධාරීන් හෝ වාහන කිසිවක් තිබී නැහැ. මුරකාවලට මීටර් 50ක් පමණ ඈතින් වාහනය නැවැත්වූ ඔවුන් විනාඩි 30ක පමණ කාලයක් රූගතකිරීම් කටයුතු වල නිරතව තිබුණා.

අනතුරුව මාර්ග බාධකය පසුකර ඔවුන් නැවත විනාඩි 30ක පමණ රූගතකිරීම් වලින් අනතුරුව සවස 6.15 ට පමණ දැක ඇත්තේ ඈතින් වූ ආරක්ෂක මුරපොලක සිටි නිළධාරීන් කමින් බොමින් බාස්කට් බෝල් තරඟයක් රූපවාහිනියෙන් නරඹමින් සිටි ආකාරයයි.

අනතුරුව ඔවුන් ඒ වෙතගොස් දොර ගසා ඔවුනට කතා කර තිබෙනවා. එයින් මහත් කලබලයට පත් ආරක්ෂක භටයින් ආයුධ රැගෙන ඔවුන් වෙත කඩා පැන පැය තුනක පමණ කාලයක් මුනින් අතට බිම දිගාවී සිටින්නට අණකොට තිබෙන්නේ ඔවුන්ගේ දුරකථන, පසුම්බි හා හැඳුනුම්පත් පරීක්ෂාවට ලක්වනතුරුයි.

අවසානයේ එක අයෙකුට ස්ටර්ලින් පවුම් 375 ක දඩ මුදලක් ගෙවා රාත්‍රී 11 ට පමණ බේරී ඒමට වාසනාව ලැබී තිබෙනවා. නමුත් ඔවුන්ගේ කැමරා ආම්පන්න සියල්ලම එෆ්.බී.අයි නිලධාරීන් අරගන තිබුණා.

ඔවුන් කර ඇති වරදේ බරපතලකම වටහාදීමෙන අන්තුරුව වොෂින්ටන් හරහා බ්‍රිතාන්‍යට මෙය දැනුම්දීමට ඇමරිකානු හමුදාව කටයුතු කර තිබෙනවා.

අනතුරුව ඔවුන්ගේ ගමන් මඟ අපාචි හෙලිකොප්ටරයක් විසින් ලුහු බැඳ තිබෙන අතර හෝටලයට යාමෙන් අනතුරුව පසුදිනයේද ඔවුන්ව රජයේ වාහන වලින් ලුහු බැඳ තිබෙනවා.

කෙසේ වෙතත් වැටවල් සාදා රැකගැනීමට මෙම ප්‍රදේශයේ විශාලත්වය වැඩි නිසා ඒරියා-51 වෙත ලඟා වෙන්නන් දැනගැනීමට ඒ අවට පොලවෙහි සංවේදක සවි කර ඇති බවයි හි ආරක්ෂක අංශ අවසා ඇත්තේ.

Conspiracy න්‍යායට අනුව මෙම ගුවන් හමුදා ප්‍රදේශය තුළ පිටසක්වල ජීවීන්ට අයත් පියාඹන පීරිසියක් ඇමරිකාව විසින් සඟවාගන පරීක්ෂණ කටයුතු කරනවා.

රොස්වෙල් අභිරහස
1947 වසරේ ජූලි මාසයේ පියාඹන පීරිසියක් නිව් මෙක්සිකෝ ප්‍රදේශයේ පිහිටි රොස්වෙල් වෙත කඩා වැටුණු අතර එහි තුවාල ලැබූ පිටසක්වල ජීවීන්ද සිට තිබෙනවා.

එම අවස්ථාවේ රොස්වෙල් හි සිටි ගුවන් හමුදා මූලස්ථානය විසින් "පියාඹන පීරිසියක්" හමුවූ බව ප්‍රකාශයට පත්කර පැය කිහිපයක් තුළ එය වෙනස් කර තිබුනේ කඩා වැටී තිබුනේ කාලගුන බැලුනයක් බවත් හමුවූයේ එම බැලුනයේ කොටස් බවයි.

එම සිද්ධිය නැවත මතුවුනේ මීට වසර 3කට පෙරදීය. ඒ 1947දී රොස්වෙල් ගුවන් හමුදා මූලස්ථානයේ මහජන සම්බන්ධතා නිළධාරී ලෙස කටයුතු කර තිබූ ලුතිනන් වෝල්ටර් හෝට් විසින් තම මරණයෙන් පසුව පමණක් විවෘත කර බලන ලෙස දන්වා තබා ගිය දිවුරුම් පෙත්සමක් නිසයි.

මීට පෙර කාලගුණ බැලුනයක ප්‍රකාශය නිකුත් කර තිබුනේද ඔහු විසිනුයි.

මරණයෙන් පසු 2006දී විවෘත කළ එම දිවුරුම් පෙත්සමත් සමඟ එහිවූ පුවතින් ලොවම කලඹා තිබුනේ මීට පෙර කාලගුණ බැළුනයක් ලෙස නිකුත් කර තිබූ පුවත අසත්‍යයක් බවත් කඩා වැටී තිබුනේ වෙතන් ග්‍රහලෝකයකට අයිති යානාවක් බවත් ගුවන් හමුදාව විසින් එම යානාව අහස්යානාංගනයක සැඟවූ බවත්ය.

පියාඹන පීරිසිය පමනක් නොව පිටසක්වල ජීවීන් පවා එහි සිටි බවට ඔහු එහි ලියා තිබුණා.

රොස්වෙල් වල සිද්ධියට වසර 65ක් පිරීම නිමිත්තෙන් සී.අයි. ඒ ඔත්තු සේවයේ වසර 35ක් සේවය කළ නිළධාරියෙකු වන චේස් බ්‍රැන්ඩන් පසුගිය ජූලි මාසයේ ප්‍රකාශ කර සිටියේ රොස්වෙල් හි කඩා වැටුනේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි යානාවක් බවයි.

BBC මාධ්‍ය කණ්ඩායමේ ඔවුන්ගේ Conspiracy Road Trip: UFOs වැඩසටහනේ මෙම කොටසට අයත් වැඩසටහන පසුගියදා විකාශය වී තිබුණා. එම වීඩියෝව පහතින්.




රොස්වෙල් හි කඩා වැටුණු යානයේ සිටි බවට විස්වාස කරන පිටසක්වල ජීවියෙකු පරීක්ෂණ කරන වීඩියෝවක් මීට පෙර අන්තර්ජාලය පුරා පැතිරී තිබුණා. එම වීඩියෝව පහතින්.














Source: http://www.gossip9.com/2012/10/area-51-bbc.html#ixzz2AE3tj6u4

Share this article with your friends