ඉදිරියේදී බීමට ගන්නා ජලය ලබාගන්නා ලිං සඳහා බදු අයකරගැනීමට රජය බලාපොරොත්තු වෙනවා.
මේ අනුව රු. 7,500 සිට 15,000 දක්වා මුදලක් වාර්ෂිකව අයකර ගැනීමටයි බලාපොරොත්තු වන්න්නේ
මේ සඳහා 1964 වසරේ හඳුන්වාදුන් ජල සම්පත් පනත සංශෝධනය කිරීමට රජය බලාපොරොත්තු වන අතර වාරිමාර්ග හා ජලසම්පාදන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තතුවේ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත්කිරීමට නියමිතයි.
මෙම නව සංශෝධන අනුව පවුල් කිහිපයක පාවිච්චිය සඳහා ලිං සෑදීම, ගෘහස්ථ හෝ වගා කටයුතු සඳහා නල ලිං සෑදීම, කෘෂිකාර්මික කටයුතු සඳහා අඩි 12ට වඩා විශාල ලිං හෑරීම, පානීය ජලය බෝතල් කරන ව්‍යාපෘති සඳහා ස්වභාවික උල්පත් ජලය හෝ ලිං ජලය භාවිතය, රෙදි සෝදන ආයතන හෝ වාහන සෝදන ආයතන වැනි කර්මාන්ත සඳහා ස්වභාවික ජලය ගෝ භූගත ජලය ලබාගැනීම ආදිය සඳහා ජලය ලාබාගැනීමේදී ජල සම්පත් මණ්ඩලයෙන් අවසර ගත යුතුය.
ඉහත ක්රියාවේ යෙදෙන ආයතන විසින් වසරක් පාසා ජල සම්පත් මණ්ඩලයේ තමන්ගේ ලියාපදිංචියද අලුත් කළ යුතුය.
පානීය ජලය බෝතල් කරන්නන් විසින් ලිං වලින් හෝ උල්පත් මඟින් භාවිතා කරනා ලීටර් ලක්ෂ තුනට වැඩිවන පළමු ලක්ෂය සඳහා රු. 7,500ක් ද ලක්ෂ 4 සිට 5 දක්වා භාවිතය සඳහා රු. 10,000ක් ද මෙම පනත අනුව ගෙවිය යුතුය.
ලක්ෂ 5 සිට 6 දක්වා බදු මුදල රු. 12,500ක් වන අතර ලක්ෂ 6ට වැඩි භාවිතය සඳහා ලීටරයකය සත 5 බැගින්ද ගෙවිය යුතුය.
ජලය බෝතල් කිරීම සඳහා සාදන ලද සෑම නල ලිඳක් සඳහාම රජයට වාර්ෂිකව රු.15,000ක් ගෙවිය යුතු අතර වාර්ෂිකව බලපත්‍රය අලුත් කරගැනීම සඳහා 10,000 බැගින් ද ගෙවිය යුතුය.
එලෙස බදු මුදල් නොගෙවන අයගේ සියළු වත්කම් රජයට පවරාගැනීමටද එම සංශෝධනයේ රජයට බලය තිබේ.
ජල සම්පත් මණ්ඩලයේ සභාපති බන්ධුල මුනසිංහ මහතා ඉහත කරුණු පැනවීමට හේතුව ලෙස සඳහන් කරන්නේ තවත් වසර 40- 50කින් පානීය සොයාගැනීම අපහසු වන නිසා ජල සම්පත ආරක්ෂා කරගැනීම සඳහා මෙම නීති ගෙන එන බවයි.
Source: http://www.gossip9.com/2012/10/blog-post_9139.html#ixzz29jPilmDX