මහනුවර මහ නගර සභාව හරහා කොරියාවට ගිය දහ දෙනෙකුගෙන් යුක්ත නැටුම් කණ්ඩායමේ හය දෙනෙකු එරට දී පැන අතුරුදන්ව ඇත. කොරියානු සහ ශ්‍රී ලංකා මිත්‍රත්වය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් යටතේ මෙම නැටුම් ශිල්පීන්දහ දෙනා නොබෝදා එරටට ගොස් තිබේ. මහනුවර නගරාධිපතිවරයා කොරියාවට ගිය අවස්ථාවක දී ඔහුගේ නගර සභාවේ නැටුම් කණ්ඩායමකට එරටට පැමිණීම සඳහා ආරාධනා ලැබී ඇත. මෙම සංචාරයට තවත් රටවල් විසි හතරකට ආරාධනා ලැබී තිබේ. ඒ,ඒ, රටවල නාගරික හා ගම්බද සම්ප්‍රධායික විශේෂාංග හා කලාවක් ඉදිරිපත් කොට ඒ තුළින් සංචාරක ව්‍යාපාරයේ ප්රවර්ධනයක් ඇති කිරීම මෙම වැඩ පිළිවෙලේ තවත් අරමුණක් වී ඇත. මෙම සංචාරය සඳහා සුප්‍රසිද්ධ උඩරට නැටුම් ශිල්පියෙකු සමග කලාකරුවන් දස දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සමග නාගරික මන්ත්‍රිවරුන් පස් දෙනෙක් ඉකුත් 30 වැනිදා කොරියාව බලා ගොස් තිබේ.කොරියානු රටට ගිය අවස්ථාවේ නැටුම් ශිල්පීන් හය දෙනෙක් අතුරුදන් වූ බවත්, ඉතිරි ශිල්පීන් හතර දෙනාගෙන් අවසන් නැටුම ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් සංචාරයට සම්බන්ධ වූ මන්ත්‍රිවරුන් පැවසූහ. සිද්ධිය සැලවීමත් සමග කොරියානු පොලිසිය ශ්‍රී ලාංකීය නැටුම් ශිල්පීන් හා මන්ත්‍රිවරුන් නවාතැන් ගෙන සිටි හෝටලය වැටලූ අතර අනෙක් පිරිසත් පැන යාවි යැයි යන සැකයෙන් පොලිසිය එම පියවර ගෙන තිබූ බවත් මන්ත්‍රීවරුන් සඳහන් කළහ. පළා ගිය පිරිස අතරේ තරුණියන් හතර දෙනකු සහ තරුණයන් දෙදෙනකු වෙති. ඔවුන් අතරේ මහනුවර ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය ගායකයකු සහ වාදකයකුගේ පුතෙකුද සිටින බව පැවසේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රි ජනක ගාමිණිරත්න මහතා මහනුවර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
- ගයා වන්නිආරච්චි - මහනුවර
- ගයා වන්නිආරච්චි - මහනුවර