ගලෙන්බිඳුණු වැව මහා විද්‍යාලයේ ගුරුවරුන් සිවු දෙනෙකු කළ පහරදීමකින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් සිසුවෙකු බරපතල ලෙස රෝගාතුර වී ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත. පහර දුන් බව කියන ගුරුවරුන් පෞද්ගලික උපකාරක පංතිපවත්වන අතර එම උපකාරක පංතිවලට විරෝධය පළ කරමින් මෙම සිසුවා පාසලේ බිත්තියක යම් වැකියක් ලියා ඇතැයි පැවසේ. ඊට කුපිත වූ තරුණ ගුරුවරුන් සිවු දෙනා පාසල් වේලාවේදී සිසුවා පංතියෙන් එළියට ඇදගෙන විත් පයින් පහර දී බිම දමා පාගා අමානුෂික වධ හිංසා වන්ට ලක් කර ඇත. පාසල් කාලය තුළදී මෙසේ පහර දී ඇති අතර පහරකෑමට ලක් වූ සිසුවාට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා ප්‍රවේශ පත්‍රය(Admition) හා නැවත පාසල් පැමිණිමට ඉඩ නොදෙන බවට ගුරුවරුන් සිවු දෙනා කළ තර්ජනය නිසා පහර දීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට දන්වා නැත. එහෙත් ඉකුත් 12 වැනිදා සිසුවාට හුස්ම ගැනීම අපහසු වී කලන්තය , කන් අගුල් වැටීම හා පපුවේ කැක්කුමක් ඇති වීම නිසා දෙමව්පියන්ට ගුරුවරුන් සිවු දෙනෙකු තමන්ට පහර දුන් බව පවසා ඇත. පහරදීමෙන් බරපතල ලෙස රෝගාතුර වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත්තේ මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි 16 හැවිරිදි ප්‍රභාත් චාමර හෙට්ටිආරච්චි සිසුවායි.
- බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
- බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර