Chitika Smowtion 468x60


Sunday, October 14, 2012

ලෝක බැංකු ආධාර ලැබුණත් බොන්න බැරි වතුර බෙදයි





ලෝක බැංකු ආධාර යටතේ ඉදි කළ ප‍්‍රඡුා ජල ව්‍යාපෘති මගින් මිනිස් පරිාභෝජනයට නුසුදුසු ජලය බෙදා හරින බවට චෝදනා ලැබෙමින් පවතී . මාතලේ දිසිති‍්‍රක්කය තුළ ඉදි කළ ප‍්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති රැසක ජලය පානය කිරීමට සුදුසු තත්වයක නොමැති බව රසායනාගාර පරීක්‍ෂණ වාර්තා පෙන්වාදී තිබේ. ඇතැම් ජල යෝජනා ක‍්‍රම මගින් බොර පැහැ ජලය බෙදා හරින බවත් ඇතැම් ඒවායේ ජලය කිවුල් රසය නිසා බීමට නොහැකි තත්වයක ඇති බවත් ජල පාරිභෝගිකයෝ කියති .
රත්තොට ‘‘ රන්දිය දහර ’’ ප‍්‍රඡා ජල ව්‍යාපාතිය යටතේ බෙදා හරින ජලයේ සියයට 24 ක ප‍්‍රතිශතයකින් බැක්ටීරියා අන්තර්ගතව ඇති බව ඉකුත්දා කළ රසායනාගාර පරීක්‍ෂණයකදී අනවාරණයවී තිබේග
මෙම ජල ව්‍යාපාති මගින් බෙදා හරින ජලය ක්ලෝරීන්කරණය නොකිරීම මෙම තත්වයට බලපා ඇති අතර ඇතැම් ජල යෝජනා ක‍්‍රම සදහා ක්ලෝරීන්කරණ උපකරණ ගෙන්වා ඇති නමුත් ඒවා සවි නොකර අපිරිසිදු ජලය බෙදා හරිමින් අයුතු ලාභ ඉපැයීමට ගෙන ඇති තීරණ වලකාලන ලෙස ජල පාරිභෝගිකයෝ සෞඛ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටිති .

- හේවා පී . කරුණාරත්න - මාතලේ දිස්ති‍්‍රක්



Share this article with your friends