Chitika Smowtion 468x60


Sunday, October 14, 2012

පොලිස් කොස්තාපල්වරියන්ට බසයේ දී ලිංගික අතවර



රාජකාරි නිළ ඇඳුමින් සැරසී රාජකාරි කටයුත්තකට ගොස් පෞද්ගලික බස් රථයකින් කහටගස්දිගිලිය පොලිස්ථානයට පැමිණි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත් කළ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ කහටගස් දිගිලිය පොලිසිය කියා සිටියේ කහටගස්දිගිලිය පොලිසියේ ළමා කාන්තා කාරර්‍යංශයේ සේවය කරන කොස්තාපල් වරියන් දෙදෙනෙකු බරපතල ලිංගික අ‍පයෝජනයට ලක් වූ දැරියක අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර නැවතත් පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී බස් රථය තුළදී ලිංගික අතරවයට ලක් වි ඇති බවයි. කොස්තාපල් වරිය බස් රථයේ අසුන් ගෙන සිටියදී ඒ අසලට පැමිණි යුද හමුදා සෙබළා ඇයට අතවරයක් සිදු වන අයුරින් කටයුතු කරද්දී පිටුපස අසුනක සිටි පුද්ගලයෙකු එය දැක ඇයට අසුනේ අනෙක් පසට යන ලෙස දන්වා ඇති බවත්, ඒ අවස්ථාවේ කොස්තාපල්වරිය අසුනින් නැගිටිද්දී යුද හමුදා සෙබලා පරුෂ වචනයෙන් බැණ වැදී ඇගේ උරහිසින් අල්ලා නැවතත් එම ස්ථානයේම වාඩි කරවීමට උත්සහ දරා ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය. ඉන්පසුව බස් රථයේ සිටි මගීනුත්, අනෙක් පොලිස් කොස්තාපල්වරියත් බීමත්ව සිටි යුද හමුදා සෙබල මෙල්ල කර අත්අඩංගුවට ගෙන කහටගස් දිගිලිය පොලිස්ථානයට රැගෙන ආ බවත්, ඔහු බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.



Share this article with your friends