Chitika Smowtion 468x60


Monday, November 12, 2012

ඒඩ්ස් වසංගතයක් වීමේ අවදානමක්





ඉදිරි වසර 10 ඇතුළත දී ඒඩ්ස් රෝගය වසංගතයක් ලෙස ශ්‍රී ලංකාව පුරා පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි ඒඩ්ස් රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ සඳහන් කර සිටි. මේ වසර තුළ දී එච්. අයි. වී. වයිරසය ශරීරගත වූ පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් හමු වී ඇති බවත් ඉන් පස්දෙනෙකුම මවගෙන් එච්. අයි. වී. වයිරසය ශරීරගත වූ ළදරුවන් බවත් අධ්‍යක්ෂවරයා කීය. 

මේ වන විට මවගෙන් රෝගය වැළඳුණ දරුවන් 56 දෙනෙකු රට තුළ සිටින බවද පැවසේ. ඒඩ්ස් රෝගය මර්දනය කිරීමේ අරමුණින් පාසල් තුළ ආරම්භ කළ දැනුවත් කිරීමේ වැඩසටහන් සබරගමු පළාත තුළ හැර දිවයිනේ අනෙකුත් සියලුම පළාත් වල අඩාල වී ඇතැයි ද වෛද්‍ය එදිරිසිංහ සඳහන් කළේය. මේ වන විට ඒඩ්ස් රෝගීන් 1594 දෙනෙකු හමු වුවද ඒඩ්ස් මර්දන ඒකකය ඇස්තමේන්තු කර ඇති පුද්ගල සංඛ්‍යාව 4200 ක් බවද පැවසේ.

- ශ්‍රියානි විජේසිංහ



Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=3932:2012-11-10-08-18-29&catid=34:news&Itemid=62

Share this article with your friends