Chitika Smowtion 468x60


Tuesday, June 19, 2012

ලංකාවේ සරසවි අර්බුධයට පිළියම් එතෙර විද්වතුන් කියති


වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල පැන නැගී ඇති අර්බුදකාරී තත්වය අඩු කර ගැනීම සඳහා ගතයුතු පිළියම් ගැන ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකික සම්භවයක් ඇති ආචාර්යවරියක් විසින් අදහස් දක්වා තිබේ. 

මෙම යෝජනා ආචාර්යවරිය විසින් උසස් අධ්‍යාපන ඇමැතිවරයාටද යොමු කොට තිබේ.

එම යෝජනාවලිය පහතින් බලන්න 


1) ශ්‍රී ලංකාවේ සරසවි වලට බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව අඩු කොට සංඛ්‍යාත්මක අගයට වඩා ගුණාත්මකභාවයට මුල් තැනක් දීම 


2) දැනට රැකියා අවස්ථා අඩු සහ එලදායිතාව අඩු ශාස්ත්‍ර පීඨ වලට ගන්නා සිසුන් 60 % දක්වා අඩු කිරීම 


3) රැකියා අවස්ථා අඩු සහ ගුණාත්මකභාවයෙන් හීන උපාධි පාඨමාලා අවලංගු කිරීම 


4) යල් පැනගිය සිද්ධාන්ත සහ විෂයමාලා අඩංගු උපාධි පාඨමාලා නවීකරණය


5) න්‍යායාත්මක දැනුම සමග ප්‍රායෝගික දැනුම සිසුන්ට ලබාදීමට පියවර ගැනීම 


6) ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය ආකල්පමය වර්ධනය සඳහා සංවර්ධිත විශ්ව විද්‍යාලවල සේවය කොට ඇති අත්දැකීම් සහිත ආචාර්යවරුන් සහ පරිපාලකයන් බඳවා ගැනීම 


7) ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලවල ස්වභාව පිළිබඳව පරිචයක් ලබා දීම සඳහා කෙටි කාලින සිසු හුවමාරු වැඩසටහන් පැවැත්වීම 


8) නවක වදය තුරන් කිරීම සඳහා දැඩි පියවර ගැනීම සහ නවක වදය කෙරෙහි Zero Tolerance ප්‍රතිපතියක් අනුගමනය කිරීම 


9) නවක වදය නැවැත්වීමට අසමත්වන විශ්ව විද්‍යාල පරිපාලකයන් ඉවත් කොට නිපුණ පරිපාලකයන් පත් කිරීම 


10) උපාධිය අවසන් කිරීමෙන් පසු ආණ්ඩුවෙන් රැකියාවක් දෙනතුරු බලාගෙන සිටීම වැනි පසුගාමී ආකල්ප වලින් සරසවි සිසුවා මුදවා රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ රැකියා සඳහා තරඟකාරීත්වයක් ඇති කොට රැකියාවන් සඳහා නිසි පුහුණුව ආකල්පමය දියුණුව ඇති කිරීම 


11) තරඟකාරීත්වය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය ඉහල නැග්වීම සඳහා නිසි ප්‍රමිතියකින් යුතුව පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම 


12) දේශීය විශ්ව විද්‍යාලවල විනය හා සංස්කෘතිය ඉහල මට්ටමකට ගෙන ඒම සහ ඉන් පසු විදේශීය සිසුන් මුදල් අයකරගැනීමේ පදනම් මත බඳවාගැනීම. එමගින් විශ්ව විද්‍යාල වලට අදායම් ඇතිකරගැනීම

- දර්ශිනි විමලසුරිය












Source: http://www.gossip9.com/2012/06/blog-post_19.html#ixzz1yEKhjRmj

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends