දෙසැම්බර් 27 වනදා ආරම්භ කෙරෙන 2012 නායකත්ව පුහුණු වැඩසටහන සඳහා මිලියන 250කට අධික මුදලක් වැයවෙන බව ගනන් බලා තිබේ.
2010 උසස් පෙලට ඉදිරිපත්වූ සිසුන් සඳහා 2011 වසරේ ප්‍රථම වරට එම පුහුණු වැඩසටහන පැවති අතර සිසුන් 22,000 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගි විය.
නමුත් මෙවට වැඩිපුර සිසින් 5,609ක් ද ඇතුලත්ව සිසුන් 28,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම පුහුණුව ලබාදීමට සිදුව ඇත. මේ අනුව එක් ශිෂ්‍යයෙක් සඳහා වැයවන මුදල දළ වශයෙන් රු. 9,000කි.
පසුගිය වසරේ නායකත්ව පුහුණුව සඳහා සමස්ත වියදම රුපියල් මිලියන 200කට ආසන්න විය.
2011 උසස් පෙල සමතුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහන දෙසැම්බර් 27 වෙනිදා සිට පෙබරවරි 28 වනදා දක්වා අදියර 3ක් යටතේ පැවැත්වීමට නියමිතය. අනතුරුව මාර්තු මුල් දෙසතිය තුළදී සරසවි ප්‍රවේශය සිදුකිරීම අපේක්ෂාවයි.
නායකත්ව පුහුණුව සඳහා මාස දෙකකට වියදම් කරනා මෙම කෝටි 25ක මුදලින් එම සිසුන්ගේ විශ්ව විද්‍යාල ගැටළු අවමකිරීම සඳහා නේවාසිකාගාර සෑදීමට යොදවන්නේ නම් මීට වඩා ප්‍රයෝජනවත් බවයි බොහෝ දෙනා පවසන්නේ.
Source: http://www.gossip9.com/2012/11/250.html#ixzz2DSVfpfH8