ලංකාවේ අවශ්‍ය ඉන්ධන ප්‍රමානයෙන් විශාල ප්‍රතිශතයක් ආවරණය කලේ ඉරානයයි.
නමුත් ඇමරිකාව විසින් ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමත් සමඟ ලංකාවට ඇමරිකාව දන්වා සිටියේ ඉරානයෙන් ආනයනය කරනු ලබන බොරතෙල් ප්‍රමාණය 20% දක්වා සීමා කළ යුතු බවකි.
නමුත් මීට සති 3කට ඉහතදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලංකාවට එවනු ලැබූ ලිපියෙන් කියවුනේ ලංකාව විසින් ඉරානයෙන් ලබාගන්නා මෙම 20% බොරතෙල් ප්‍රමාණයද වහා නවතා දැමිය යුතු බවකි.
එලෙස නියෝග පැනවීමත් සමඟ ඇමරිකාව ඉන්දියන් සාගරයට ඉහලින් ස්ථාපිත කර ඇති සිය චන්ද්‍රිකා හරහා සිය තහනම නොතකා ලංකාව ඉරානයෙන් බොරතෙල් මිලදී ගන්නේදැයි නිරන්තර සෝදිසියෙන් සිට තිබේ.
මේ අතර පසුගියදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසාදැමීමත් තෙල් ආනයනය කිරීම සඳහා දැවැන්ත අමතර වියදමක් දැරීමට සිදුවීමත් නිසා පසුගිය සති කීපය පුරා ලංකාවද සිටියේ දැඩි අපහසුතාවයකට පත්වය.
මේ නිසා රජය අවසානයේ ඉරාන තානාපති ආචාර්ය හසානි මහතා මුනගැසී මෙම අර්බුධය සම්බන්ධයෙන් සාකච්ජා කල අතර එහිදී රජය පැවසුවේ තමන්ට ඉරානයෙන් කෙසේ හෝ තෙල් ලබාගැනීමට අවශ්‍ය නමුත් ඇමරිකානු සම්බාධක නිසා ජාත්‍යන්තර රක්ෂණ සමාගම් විසින් තෙල් නැව් සඳහා රක්ෂණ ආවරණ නොදෙන බවයි.
එවිට ඉරාන තානාපතිවරයා පවසා ඇත්තේ ඉරාන තෙල් නැව් විශාල බැවින් ඒවා ලංකාවේ කුඩා වරායන් වලට ඇතුළු කල නොහැකි නිසා එම නැව් ජාත්‍යන්තර මුහුදේ නවාතා තබන විටදී ලංකාවේ කුඩා නෞකා ඒ සමීපයට පැමින තෙල් ලබාගන්නා ලෙසයි.
ඉරාන තානාපතිවරයාගේ මෙම පිළිතුරෙන් මහත් තෘප්තියට පත් රජය පසුගිය සතියේදී ඉරාන නෞකා වලින් බොරතෙල් ලබාගැනීම සඳහා කුඩා නැව් කිහිපයක් පිටත් කර හැරියේය.
නමුත් ඇමරිකානු ආරක්ෂක අංශ විසින් ලංකාවේ හා ඉරාන නෞකා වල ක්‍රියාකලාපයන් නිරීක්ෂණය කිරීමට යොදවා තිබූ චන්ද්‍රිකා හරහා ඒ බව නිරීක්ෂණය කළ අතර ඉන්දීය සාගර කලාපය තුළ ස්ථානගතකොට ඇති සිය යුධ නැව් වලට ඒ බව දන්වා ඇත.
එබැවින් ලංකාවේ නැව් වලට ගමන් කිරීමට හැකිවී ඇත්තේ කෙටි දුරකි. ඇමරිකානු නෞකා විසින් ලංකාවේ නැව් සියල්ල අතර මඟ නවතා හිස් අතින්ම ආපහු පිටත් කර තිබේ.
Source: http://www.gossip9.com/2012/11/blog-post_4.html#ixzz2BFJcKxZP