හඳුනා නොගත් පියාසර යානා හා රාත්‍රී කාලයේ අද්භූත එළි දර්ශනය වීම් දිනපතා වොෂින්ටනයේ පිහිටි හඳුනා නොගත් පියාසර වස්තූන් ගවේශන මධ්‍යස්ථානය වෙත (National UFO Reporting Centre) වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේද වාර්තා වූ එවන් සිදුවීම් කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහන්වී ඇති අතර එවන් සිද්ධීන් 10ක් පහතින්. ( Colombo | Hingurakgoda | Mount Lavinia | Kaduruwela 1 | Kaduwela 2 | Athrugiriya | Trincomalee | Polonnaruwa 1 |Polonnaruwa 2 | Polonnaruwa 3)
එක් එක් වසරේ ඒ ඒ මාසයේ වාර්තා වූ සිදුවීම් එහි බලාගත හැකි නමුත් එවැනි අවස්ථාවන් ජායාරූපයට හෝ වීඩියෝවට නැඟෙන්නේ කලාතුරකින්.
2012 පසුගිය අගෝස්තු, සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වලදී පමණක් ඉන්දියාවේ චීන දේශසීමා ප්‍රදේශයේ මෙලෙස හඳුනා නොගත් පියාසර වස්තූන් 100ක් පමණ දර්ශනය වී ඇති බව India Today පුවත්පත වාර්තා කර තිබුණා.
ඉන්දීය හමුදා නිළධාරීන් පවසන්නේ ඒවා චීනයේ ඩ්‍රෝන යාත්‍රා හෝ චන්ද්‍රිකා නොවන බවයි. Economic Times පුවත්පත පවසන්නේ ඉන්දීය රේඩාර් වලට ඒවා හසු නොවූ බවයි.
පසුගිය මාසය තුළ ඇමරිකාවේ මෙක්සිකෝ, වර්ජීනියා හා කැරොලිනා ප්‍රාන්ත වල මෙන්ම ස්කොට්ලන්තයේද එවැනි හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වීම් වල වීඩියෝ තිබෙනවා.
භූ කම්පන, ගිනි කඳු පිපිරීම් ආදී ස්වභාවික ව්‍යසනයන් වන අවස්ථා වලදී මෙලෙස පියාසර වස්තූන් දර්ශනය වීම් බොහෝ විට අසන්නට ලැබෙනවා.
පසුගිය වසරේ මාර්තු මාසයේ ජපානයට ආ සුනාමියට දිකකට පෙර එම ප්‍රදේශ වල පියාඹන පීරිසි දර්ශනය වූ බවට වාර්තා වූ අතර සුනාමිය අවස්ථාවේ ගුවනින් ගත් වීඩියෝ වලද ඒවා සටහන්වී තිබුණා. එවන් වීඩියෝවක් මෙතනින්.
පසුගිය ඔක්තෝබර් 26වනදා මෙක්සිකෝවේ ගිනි කන්දක් සක්‍රියවී තිබූ එවන් අවස්ථාවක ඒතුලට යන සිගරට්ටුවක හැඩය ගත් වස්තුවක් හා රාත්‍රී කාලයේ එම ගිනි කන්ද අසලින් යන පියාසර වස්තූන්ගේ වීඩියෝ දෙකක් එරට රූපවාහිනී නාලිකාවක් තුලින් විකාශය කර තිබුණා.
එම වීඩියෝ දෙක පහතින්
ඇමරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ ඉහල අහසේ සිගරට්ටුවක හැඩය ගත් වස්තුවක් දර්ශනය වීමක්ද පසුගිය ඔක්තෝබර් 16 වනදා අසන්නට ලැබුණා.
කිසිම වළාකුලක් නොමැති පැහැදිලි අහසේ ෆ්ලෝරසන්ට් බල්බ් දෙකක් මෙන් දිලිසෙමින් තිබූ එම වස්තුව ආධුනික තාරකා විද්‍යාඥයෙකු වන ඇලන් එප්ලින් විසින් Meade 8" SCT නම් තාරකා දූරේක්ෂය ඔස්සේ එය වීඩියෝ කර තිබූණා
පැය දෙක පමණ කාලයක් දර්ශනය වී තිබූ එය සැබෑ වස්තුවක් බවයි ඔහු පවසා තිබුනේ.
එහි වීඩියෝව පහතින්.
මේ අතර ඔක්තෝබර් මාසයේ 13 වනදා ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර් ප්‍රදේශයේ පිටිසර ගම්මානයක රාත්‍රී අහසේ දර්ශනය වූ වස්තුවක ආලෝකයන් කාන්තාවක් විසින් වීඩියෝ කර තිබුණා.
මැදියම් රැයේදී ජනෙල් වීදුරු අස්සෙන් කාමරයට වැටුනු බලගතු ආලෝක ධාරාවක් නිසා 50 හැවිරිදි ටොරැග් රිච් නම් වූ ඇය අවදි තිබෙනවා. ඉන්පසු ඇයට දැකගතහැකිවී තිබුනේ පොළවෙන් අඩි 20 ක් හෝ තිහක් උඩින් පිහිටි දීප්තිමත් යමක් තම නිවසට එපමණට දුරක් ඈතින් කිසිදු චලනයක් නැතිව තිබූ බවයි.
ඇගේ බෑනා වන ස්කොට් මේ පියාඹන පීරිසියේ ඡායාරූප ගණනාවක්ම ලබාගන තිබෙන අතර හඳුනා නොගත් අවකාශ වස්තූන් පිළිබඳ විශේෂඥයකු වන මැල්කම් රොබින්සන් කියන්නේ ඒ පින්තූරවල කිසිදු හොරයක් හෝ බොරුවක් නැති බවයි.
එම වීඩියෝව පහතින්.
මේ අතර ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පසුගිය කාලය පුරාවට විටින් විට අද්භූත එළි හා පියාසර වස්තූන් දර්ශනය වී ඇති බවට වාර්තා වෙනවා.
පසුගිය සැප්තැම්බර් 13හා 22 වන දිනවලදි අවසන් වරට මෙලෙස තැඹිලි පැහැයෙන් යුත් ආලෝක ධාරා මර්ටන් වෙරළ ආශ්‍රිතවද දර්ශනය වී තිබෙන බව වොෂින්ටනයේ පිහිටි හඳුනා නොගත් පියාසර වස්තූන් ගවේශන මධ්‍යස්ථානය පවසනවා.
එම වීඩියෝ පහතින්
පසුගිය මාසයේ දර්ශනය වූ හඳුනා නොගත් වස්තූන් සහිත වීඩියෝ එකතුවක් මෙතනින්.
දිනපතා වාර්තා වන මෙවන් සිද්ධීන් වල වාර්තා සඳහා මෙතනින්.
Read more: http://www.gossip9.com/2012/11/blog-post_3818.html#ixzz2BZqVdczW