Chitika Smowtion 468x60


Thursday, November 8, 2012

අය වැය අද



විසර්ජන පනත් කෙටුම්පත හෙවත් 2013 වසර සඳහා වන අය වැය යෝජනාවලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව අද පස්වරු 12.50ට රැස්වන අතර, 12.55ට පමණ ජනාධිපතිවරයා මුදල් ඇමැති ලෙස පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කරනු ඇත.අය වැය යෝජනා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බැවින් අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකස් කර තිබේ. ලබන වසරට අදාළ සංවර්ධන වැඩසටහන් හා අය වැය හිඟය පියවා ගැනීමේ යෝජනා මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම පාර්ලිමේන්තුවට අද (08) ඉදිරිපත් කෙරෙන 2013 අය වැය සම්බන්ධයෙන් විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ඡාවක් අද (08) පෙරවරු 9.30ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කැබිනට් මණ්ඩල සාකච්ඡාව පැවැත්වෙන අතර 2013 අය වැය ‍ලේඛනය සඳහා මෙහිදී කැබිනට් මණ්ඩලය අනුමැතිය ගැනීමට නියමිතය.
සෑම සතියකම කැබිනට් මණ්ඩල රැස්වීම බදාදා දින රැස්වන අතර අද (08) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම නිසා ඊයේ (07) දින කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වුණි.

- ලසන්ත වීරකුලසූරිය/ කමණී හෙට්ටිආරච්චි


Comment (1)

Loading... Logging you in...
  • Logged in as
බලමු බලමු මොනවා වෙයිද කියලා..

Post a new comment

Comments by

Share this article with your friends