Chitika Smowtion 468x60


Thursday, November 8, 2012

අධිවේගී බෝට්ටු තරඟ ලබන වසරේ සිට ලංකාවේ

ක්‍රීඩා සම්මේලනයක් ලෙස ක්‍රීඩා ආමාත්‍යාංශයේ 54 වැන්න බවට පත්වූ "ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු පැදීමේ සංගමය" ලබන වසරේදී මෙරට ඉතිහාසයේ පළමු යාන්ත්‍රික බෝට්ටු පැදීමේ තරඟාවලිය පැවැත්වීමට නියමිතයි

අන්තර්ජාතික සම්මේලනයේ පූර්ණ සහයෝගය සහිතව සංවිධානය කරන ලද මෙම තරඟාවලිය ලබන වසරේ ජූලි මාසයේ අගභාගයේ බොල්ගොඩ වැව ආශ්‍රිතව පැවැවේ.

ෆෝමියුලා වර්ගීකරණය සහිත මෙමෙ තරඟාවලියට සහභාගී වන සියළුම තරඟකරුවන්ට ඉතාලියේදී පුහුණුවන් ලබා දෙන අතර ඒ සඳහා වැයවන පිරිවැය සංගමය දැරීමට බලාපොරොත්තු වෙයි.



කෙසේ වෙතත් මේ වනවිට තරඟාවලියට සුදුසු බෝට්ටු ඇත්තේ දෙකක් පමණක් නිසා අවශ්‍ය බෝට්ටු ආනයනය කරන්නේ නම් එකකට මිලියන 10ක පමණ මුදලක් දැරීමට සිදුවේ. එබැවින් මෙම ක්‍රීඩාව විශාල මුදලක් වැයවන ක්‍රීඩාවකි.

මේ නිසා අවශ්‍ය බෝට්ටු රට තුළ නිපදවීමට අවශ්‍ය යන්ත්‍ර පමණක් පිටරටින් ගෙන්වීමට සංගමය තීරණය කර ඇත.

මෙම යාන්ත්‍රික බෝට්ටුවල කාර් එකක මෙන් ගියර් මඟින් පාලනය කල හැකි අතර තත්පර 4ක වැනි කාලයකදී පැයට කිලෝමීටර් 165ක පමන වේගයක් ලබාගත හැකි නිසා මෝටර් රථ ධාවන තරඟ වලටත් වඩා ක්‍රීඩාලෝලීන් ආකර්ෂණයට ලක්වන බවයි එම සංගමයේ අදහස.










Source: http://www.gossip9.com/2012/11/blog-post_3662.html#ixzz2BZZqbHV2

Share this article with your friends