අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරණායක කාරියවසම් සහ ඔහුගේ පෙම්වතිය වන හේශානි මඩුගල්ලේ විසින් ඔවුන්ගේ ෆේස්බුක් වෙබ් පිටු යොදාගෙන "stand for justice" නමින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
එමෙන්ම "ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තුමියෙනි අපි ඔබ සමගයි" ලෙස ෆේස්බුක් පිටුවක්ද පවතී.
ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ඉඟි කරන්නේ ලංකාව තුලද ඊජිප්තුවේ මෙන් විප්ලවයක් අනාගතයේ හට ගනු ඇති බවයි. තවදුරටත් ෆේස්බුක් අඩවිය තුලින් ඔහු මෙලෙස දක්වා ඇත.
"මගේ අම්මා සැලෙන කාන්තාවක් නොවෙයි. ඇය මේ කාරණයේදී කෙලින් ඉන්නවා. ඇය නිවැරදි දේ වෙනුවෙන් සටන් කළ කාන්තාවක්. ඉදිරියටත් නොසැලී ඉන්නවා. ඇය ඇගේ අවසන් හුස්ම පොද දක්වාම සටන් කරාවි. මම මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ වෙනුවෙන් පෙනී සිටින්න කියලා.
අවුරුදු 200කට වැඩි ඉතිහාසයක් ඇති අපෙරටේ අධිකරණ ක්ෂේත්‍රයේ 43වන අග්‍රවිනිසුරු මෙන්ම අගවිනිසුරුවරියක් වූ පළමු කාන්තාවද මගේ මවයි. ඇය මනා අධ්‍යපනයක් ලද තැනැත්තියක් මේන්ම නීතිය පිළිබඳ PhD උපාධිධාරිනියක්. ඇය කිසි දිනක දේශපාලනයේ නිරවූ තැනැත්තික් නොවේ. දේශපාලනය ගැන මනා අවබෝදයක් ඇති තැනැත්තියක්.
මගේ අම්මා ඇගේ වසර 54ක ජීවිත කාලය තුළ වසර 32ක් රටේ විවිධ රැකියාවල නිරතව සිටියා. එහෙත් ඇය කිසිදිනක රටත් ජනතාවත් පාවාදී නැහැ. නමුත් හැමදාම රටත්, ජනතාවත් පාවාදුන් මිනිස්සු අද රට පාලනය කරනවා. ඒ වාගේම ජනතාවත් තමන්ගේ පාලකයන් ලෙස ඔවුන්ව තෝරා පත්කරගෙන තියෙනවා.
මගේ අම්මා ඉදිරියේදී රටේත්, ජනතාවගේත් නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගනීවි. එම ක්‍රියාමාර්ග අනුව රටේ මහජනතාව සහ අද ඉදිරියට පැමිණ සිටනි අය තීරණය කරන්න ඔබ නියෝජනය කළ යුත්තේ කුමන පැත්තක්ද යන්න"
අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 117 ක් අත්සන් කළ දෝෂාභියෝග යෝජනාව ඊයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ අතර එම අත්සන් කල මංත්‍රීවරුන්ගේ නම් හා ඇයට විරුද්ධව ඇති චෝදනා මෙතනින්.

Source: http://www.gossip9.com/2012/11/blog-post_7809.html#ixzz2BZvK6t8m