Chitika Smowtion 468x60


Saturday, December 1, 2012

ලෝකයේ ඉපදෙන්න හොඳම රට ස්විට්සර්ලන්තයයි

උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය බව 2013 වසර සඳහා වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ලන්ඩනයේ The Economist ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද එම සමීක්‍ෂණය අනුව වඩාත්ම සතුටින් හා ගුනාත්මක ජීවන රටාවක් තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය.


දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තුන් වන ස්ථානය නෝර්වේ රජයටත් හිමිවී ඇත.

මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ 16 වැනි තැනටත් එංගලනත්තය 27 වැනි තැනටත් පත්ව ඇති අතර ලංකාවට හිමිව ඇත්තේ 63 වන ස්ථානයයි.

මේ රටවල ජීවත්වන්නන් මෙවන් තැනකට පත්වීමට මුල්වී ඇත්තේ පෞද්ගලික ආදායම් මට්ටමට වඩා රටේ ඇති රාජ්‍ය ආයතනයන්ගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මහජනයා අතර ඇති දැඩි විශ්වාසය, අපරාධ අඩුවීම, ඉහළ මට්ටමක ඇති පවුල් ජීවිතය සහ පරිසරයේ ඇති පවිත‍්‍රභාවයයි. 

ඒ ඒ රටවල ස්වභාව සෞන්දර්යය, ජන විකාශනය, සමාජයික හා සංස්කෘතික හැඩතල මෙන්ම ආර්ථික තත්ත්වයද මෙම සමීක්‍ෂණයේදී සලකා බලා ඇත.

2013 දී උපදින දරුවන් වැඩිහිටියන් බවට පත්වන 2030 වර්ෂයේදී ඒ රටවල ඒක පුද්ගල දළ ආදායම පිළිබඳවද මෙහිදී සලකා බලා ඇත.

මුලට තේරී ඇති රටවල් සියල්ලම වාගේ කුඩා ආර්ථිකයන් සහිත රටවල් වීමද විශේෂත්වයකි. ඉපදීමට නරකම රට නයිජීරියාවයි.










Source: http://www.gossip9.com/2012/11/blog-post_8614.html#ixzz2DjdPeEqi

Share this article with your friends