පසුගිය කාලයේ අන්තර්ජාලය ඔස්සේ පැතිරගිය තවත් උණුසුම් පුවතක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය තම දෙවන විවාහයෙන් වෙන්වී තෙවැනි විවාහයත් සිදු කළ බවයි. පැතිර ගිය මේ උණුසුම් පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් අන්තර්ජාලයේ පෙන්වන සෑම දෙයක්ම සත්‍ය නොවන බවත් කණගාටුවෙන් සනත් පවසයි.
සිය දරුවෝ තුන්දෙනාටත් ක්‍රිකට් ක්‍රීඩාවටත් බෙහෙවින් ආදරය කරන බවත් ඒවගේම තම මව්පියන්ටත්, සහෝදරයටත් ඒතරම්ම තමා ආදරය කරන බවත් සනත් පවසයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාල සතුටක් ලැබූ තමාට බලාපොරොත්තු වුණ ඉලක්කය ඒමට හැකිවූවත් සමහර පැතිවලින් තමා ජීවිතේ බොහෝ දුක්විඳින අවස්ථාත් ඇති බව සනත් පවසන්නේ කර්මය අනුව මිනිස්සුන්ට දුක් විඳින්නත් සිදුවන බව මතක් කරමිනි.
පසුගිය දවස්වල නවසීලන්තයේ සංචාරයකට සහභාගි වූ සනත් ඊට අමතරව 20-20 ක්‍රිකට් තරගවලට සහභාගි වෙයි. ඒ අතරතුර දේශපාලනයටත්, ව්‍යාපාරික කටයුතුවලටත් දායකත්වය ලබාදෙන ඔහු ඖෂධ වර්ග මෙරටට ගෙන්වා බෙදාහරින ව්‍යාපාරයක් මෙන්ම රෙස්ටුරන්ට් එකක් පවත්වාගෙන යයි. කොළඹ ඇති හෝටල් අතරින් ලෝකයේ ඇති සුපිරිම කෑම වර්ග ඔහුගේ මේ රෙස්ටුරන්ට් එකේ ඇති බවත් සනත් පැවසුවේය.
ඉන්දියාවේ පැවැත්වුණ රියැලිටි නර්තන තරගයකට ද සනත්ගේ ඉදිරිපත්වීම මාධ්‍ය පුරා විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. විවිධ අය ඒ ඉදිරිපත්වීම විවේචනය කළ අතර සමහරෙක් පැවසූවේ සනත් ජයසූරිය යන චරිතයට නර්තන ගැළපෙන්නේ නැති බවයි. ඒ කෙසේ වෙතත් කවුරු මොනව කිව්වත් එම තරගයෙන් තමා අලුත් අත්දැකීමක් ලැබූ බව නම් සනත් පැවසුවේය.
Source - http://www.thambapanne.net/?p=15247