Chitika Smowtion 468x60


Saturday, December 29, 2012

ක‍ටුගේ කැඩුවේ කන්ගැට්ටාමයි - අනුර සේනානායක පුන පුනා කියයි


2012.03.16 දින කොළඹ කෞතුකාගාරයේ කෞතුක වස්තු සොරකමට සම්බන්ධ වූයේ කන්ගැට්ටා නොහොත් ප්‍රියන්ත මේදිස් නැමැත්තා බවත් ඒ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු ඊට සම්බන්ධ නොවු බව ස්ථීර වශයෙන්ම තහවුරු කළ හැකි යැයි බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසයි.

 මෙම සොරකම සම්බන්ධයෙන් හා ඊට අදාළව සොයාගත් භාණ්ඩ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරී‍ම සඳහා පොලිස් මූලස්ථානයේදී 
පසුගියදා (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ඉහත සඳහන් ක‍ළ දිනයේ රාත්‍රී කෞතුකාගාරයෙන් නැති වු භාණ්ඩ 221න් 221ම සොයාගෙන ඇතැයි ද ඒවා සොයා ගනු ලැබුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල රන් භාණ්ඩ වෙළඳසැල්, පැරණි භාණ්ඩ මිලට ගන්නා ස්ථානවල තිබී බවද ඔහු එහිදී පැවසුවේය.


කෞතුකාගාරයෙන් නැති වු භාණ්ඩ හා සමාන දෑ තමන් ඉන්දියාවෙන් ගෙනවිත් කුඩුකාරයෙක් අල්ලා ගත් බවට ඇතැම් මාධ්‍ය අවලාද නැඟු බවත් අද එය බොරුවක් වී ඇතැයි සනාථ වී ඇති බවත් අනුර ‍සේනානායක මහතා කියා සිටියේය.


සොකරමට සම්බන්ධ සැකකරු කෞතුකාගාරයට එදින දහවල් පැමිණ රාත්‍රී වන තුරු රැඳි සිට එහි ප්‍රදර්ශන අල්මාරී 4ක තිබු භාණ්ඩ මෙලෙස සොරාගෙන ඇති බව අනුර සේනානායක මහතා පැවසුවේය.

ඊට දින 3කට පෙර සිට එහි ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියා විරහිතව තිබි ඇති බවත් ආරක්ෂක භටයින් ද සොරකම සිදුවන විට නිදාගෙන සිට ඇති බවත් තහවුරු වු බවද ඔහු කියා සිටියේය.

කන්ගැට්ටා නැමැති සැකකරු විසින් රාත්‍රී කෞතුකාගාරය තුළ සිටිමින් පානය කළ බව කියන දුම්වැටි 3ක කොටස් හමුවී ඇතැයිද අනුර සේනානායක මහතා පැවසුවේය.

එසේම ඔහුගේ ඇඟිලි සලකුණු 3ක් අනුව කළ විමර්ශනවලට මෙම සොරකම කර ඇත්තේ ඔහුම යැයි ස්ථීරවම තහවුරු කර ගෙන ඇති බවත් ඒ අනුව මොහුට එරෙහිව නීතිය උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇතැයිද සේනානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.



සොරකම් කළ බව කියන භාණ්ඩ ලැයිස්තුව 

1. අනුරාධපුර සහ මහනුවර යුගයට අයත් රන්කාසි 66 ක්

2. රන් සමරු කාසි 3 ක්

3. රන් පනම් කාසි 27 ක් අල්ලන ලද මාලය - කාසි 27 ක්

4. මොහන්මදියන් කාසි (රිදී) 02 ක්

5. මහනුවර යුගයට අයත් පනම් කාසි (රිදී) 40 ක්

6. සමරුකාසි (රිදී) 10 ක්

7. අක්ෂර සහිත ඊයම් කාසි (අනු කෘති) 09 ක්

8. වර්ෂ 1942 න් පසුව නිකුත් කරන ලද මුදල් නෝට්ටු 34 ක්

9. ක්‍රි.ව. 18 - 19 සියවස්වලට අයත් කොපුව සහිත කඩු 05 ක්

10. ක්‍රි.ව. 18 - 19 සියවස්වලට අයත් කොපුව රහිත කඩු 03 ක්

11. රන් රිදී සහ පිත්තලවලින් නිර්මිත මුදු 18 ක්

12. රත්නපුර පැල්මඩුල්ලෙන් සොයාගන්නා ලද කාන්තා රූපයක් කොටන ලද කානේලියන් වර්ගයේ පාෂාණයන් අල්ලන ලද රන් මුදු 01 ක්

13. සැරයටි (බස්තම්) උඩ කොටස් 02 ක්

14. නුගවෙල අධිකාරම්ගේ බඳ පටිය



සොයා ගන්නා ලද භාණ්ඩ ලැයිස්තුව 

1. කලු පැහැති සුදු ගත් අල්ලන ලද මුදුව

2. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් රුපියල් 1000 නෝට්ටු 01 යි

3. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් රුපියල් 500 නෝට්ටු 02 යි

4. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් රුපියල් 100 නෝට්ටු 02 යි

5. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් රුපියල් 50 නෝට්ටු 03 යි

6. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් රුපියල් 20 නෝට්ටු 02 යි

7. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් රුපියල් 10 නෝට්ටු 02 යි

8. ස්පෙසිමන්ට් යනුවෙන් සඳහන් රුපියල් 05 නෝට්ටු 01 යි

9. රුපියල් 5000 ක් වටිනා රන් කාසි 01 යි

10. කැරට් 16 රුපියල් 500 යනුවෙන් සඳහන් කර ඇති කුඩා රන් කාසි 01 යි

11. පාගෝදි (පෘථිගීසි) කාසි 02 යි

12. පැතලි කාසියක හැඩය ගත් ලොකු කැට 01 යි

13. පැතලි කාසියක හැඩය ගත් පොඩි කැට 01 යි

14. 40 වන සංවත්සරය මුද්‍රණය කරන ලද රුපියල් 500 වටිනා රිදී පැහැති කාසි 01 යි

15. මුහුණත කාන්තාවකගේ රුවක් මුද්‍රණය කරන ලද කානේසියන් වර්ගයේ ගල් 01 යි

16. විවිධ පාට ලොකු මැණික් ගල් 06 යි

17. විවිධ පාට පොඩි මැණික් ගල් 53 යි

18. මල් වැල් කැටයම් කරන ලද ලෝහවලින් යුක්ත හතරැස් කුඩා කැබලි කොටස්

19. ග්‍රෑම් 130.480 ක් බරැති සිලින්ඩරාකාර රත්රන් බාර් 01 යි

20. ග්‍රෑම් 120.330 ක් බරැති සිලින්ඩරාකාර රත්රන් බාර් 01 යි

21. ග්‍රෑම් 32.310 ක් බරැති සිලින්ඩරාකාර රත්රන් බාර් 01 යි

22. ග්‍රෑම් 190.550 ක් බරැති සිලින්ඩරාකාර රත්රන් බාර් 01 යි

23. ග්‍රෑම් 172.420 ක් බරැති සිලින්ඩරාකාර රත්රන් බාර් 01 යි

24. ග්‍රෑම් 118.420 ක් බරැති සිලින්ඩරාකාර රත්රන් බාර් 01 යි

25. ලොකු දුඹුරු ගල් 01 යි

26. ලොකු සුදු පාට ගල් 01 යි

27. තැඹිලි පාට ගල් 01 යි

28. සුදු පාට ගල් 04 යි

29. නිල් පාට ගල් 02 යි

30. දුඹුරු පාට ගල් 08 යි

31. කොළ පාට ගල් 07 යි

32. රතු පාට ගල් 333 යි

33. තැඹිලි පාට ගලක් අල්ලන ලද පිත්තල පැහැති මුදු 01 යි

34. මැද මලක් නෙලා ඇති ඒ වටා මල්වැල්වල කැටයම් පසාරු වන පරිදි මුද්‍රාව බහාලූ මුදු

35. සෙන්ටිමීටර් 45 ක් දිග ග්‍රෑම් 121.72 ක් බර නිකල් පැහැය ඇති තැනින් තැන මලකඩ කා ඇති කඩුතල 04 යි

Share this article with your friends